දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"උතුරු - නැගෙනහිර පළාත් ඒකාබද්ද කරන්න" - දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසදුම සුමන්තිරන් කියයි
Homeප්‍රවෘත්ති

"උතුරු - නැගෙනහිර පළාත් ඒකාබද්ද කරන්න" - දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසදුම සුමන්තිරන් කියයි

PropellerAds

ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට දෙමළ වැසියන්ගේ ප්‍රශ්නයට දේශපාලන විසදුමක් ලබා දීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්...

"පරාජිත පක්ෂවලට වැඩි වාසි" - ජනතා සේවක පක්ෂය
සන්ධානයේ නියෝජිතයින් පත් කිරීම ඉදිරි දින කිහිපය තුළ
ඉතිහාසයේ ප්‍රථම වරට ආදිවාසී කාන්තාවකට මන්ත්‍රී ධූරයක්

ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට දෙමළ වැසියන්ගේ ප්‍රශ්නයට දේශපාලන විසදුමක් ලබා දීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ බොහෝ දෙනෙකු යළි මැතිවරණ වලට ඉදිරිපත් නොවන බව එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා ඊයේ (03) යාපනයේදී පැවසීය.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක හා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා යාපනයේදී මාධ්‍යවේදීන් පිරිසකට මේ බව කියා සිටියේය.

යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් හත් දෙනෙකු සිටින බවත් ඉන් පස් දෙනෙකුම දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් බව කී සුමන්තිරන් මහතා පළාත් සභා මැතිවරණයට තරග කිරීම සදහා යාපනයේ සිටින දෙමළ ජාතික සන්ධානයේ කිසිම මන්ත්‍රීවරයෙකු තුළ අදහසක් නැතැයිද කියා සිටියේය.

උතුරු නැගෙනහිර අර්බුදයට දේශපාලන විසදුමක් සදහා දෙමළ ජාතික සන්ධානයේ අදහස් රජය විසින් මෑතකදී නැවත විමසා සිටී බව කී සුමන්තිරන් මන්ත්‍රීවරයා ඒ අවස්ථාවේද පක්ෂය කියා සිටියේ උතුරු නැගෙන හිර  පළාත් දෙක නව ව්‍යවස්ථා සංශෝධනයකින් ඒකාබද්ධ කල යුතු බව යැයිද මන්ත්‍රීවරයා පැවසීය.

දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින්නේ  නව ව්‍යවස්ථාවක් තුළින් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධකොට ඒ ව්‍යුහයට එසේත් නොමැතිනම් ඒ පළාතට ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරෙන දේශපාලන විසදුමක් බව කී සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ ඉල්ලීම පෙඩරල් පාලනයක් ඉල්ලන බව කියමින් දකුණේ පිරිස සෙසු පිරිස් නොමග යවන බවද කියා සිටියේය.

තමන්ද පෙඩරල් පාලනයක් ඉල්ලා සිටින බවට බොහෝ මාධ්‍ය තොරතුරු පල කළත් ඒය සත්‍යයෙන් තොර බව කී සුමන්තිරන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින්නේ පෙඩරල් පාලනයක් නොවන බවද කියා සිටියේය.

රජය නව ව්‍යවස්ථා සංශෝධනයකට යාමට පෙර උතුරේ වැසියන්ගේ ඉඩම් ප්‍රශ්නය මුලුමනින්ම විසදිය යුතු බවත්,යුද සමයේදී අතුරුදහන්වූවන්ගේ ප්‍රශනයට හා දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නයට විසදුමක් ලබා දිය යුතු බවත් මේ සාකච්ඡාවේදී කියා සිටියේය.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "උතුරු - නැගෙනහිර පළාත් ඒකාබද්ද කරන්න" - දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසදුම සුමන්තිරන් කියයි
"උතුරු - නැගෙනහිර පළාත් ඒකාබද්ද කරන්න" - දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසදුම සුමන්තිරන් කියයි
http://am.lk/media/k2/items/cache/785580279be097a5038f597040d41bdf_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_88.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_88.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy