ප්‍රසාද ආසන ලබා දීමේදී ඇතිව තිබෙන අක්‍රමවත්භාවය නිසා පරාජිත පක්ෂවලට වැඩි වාසි හිමි වී තිබෙන බව ජනතා සේවක පක්ෂය සඳහන් කරයි. ශ්‍රී ලංකා පොද...
ප්‍රසාද ආසන ලබා දීමේදී ඇතිව තිබෙන අක්‍රමවත්භාවය නිසා පරාජිත පක්ෂවලට වැඩි වාසි හිමි වී තිබෙන බව ජනතා සේවක පක්ෂය සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්වකරුවෙකු ලෙස තම පක්ෂය තරඟ කළ බවත්, මැතිවරණයෙන් 70%ක ජයග්‍රහණයක් ලැබීම නිසා මේ වන විට තම පක්ෂය දැඩි අසාධාරණයක් සිදුව තිබෙන බවත් එම පක්ෂයේ මහ ලේකම් ජයන්ත විජේසිංහ මහතා සඳහන් කළේය.
මේ පිළිබඳ සාකච්ජා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් අද රැස්වූ බවත්, මේ අනුව අදාළ ගැටලුව විසඳා දෙන ලෙස හෙට (14) මැතිවරණ කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කිරීමට තීරණය කළ බවත් හෙතෙම පවසා සිටියේය.
පරාජිත පක්ෂවලට ප්‍රසාද ආසන වැඩියෙන් ලබා දීම නිසා ජයග්‍රහණය කළ ආයතනවල බලය පිහිටුවීමේදී ගැටළු රාශියක් ඇති වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.
COMMENTS