මුතුරාජවෙළ බෝයාවේ දැවි තෙල් නළයක සිදුවූ කාන්දුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිත බව ඛනිජ තෙල් සම්පත් සංවර්...
මුතුරාජවෙළ බෝයාවේ දැවි තෙල් නළයක සිදුවූ කාන්දුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිත බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ, ඒ සඳහා ආයතන කිහිපයකින් නියෝජිතයින් පත් කිරීමට සැලසුම් කර ඇති බවයි.
එම කමිටු වාර්තාව සති දෙකක් ඇතුළත ලැබීමට නියමිත බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.
මේ අතර දැවි තෙල් කාන්දුව නිසා බලපෑමට ලක්වූ වෙරළ තීරය පවිත්‍ර කිරීම තාවකාලිකව අත්හිටවූ බව සමුද්‍රීය පරිසර ආරක්ෂන අධිකාරිය පවසයි.
එහි සමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, මුහුදට මුසු වූ දැවි තෙල්වලින් 70% ක ප්‍රමාණයක් ඉවත් කිරීමට හැකි වූ බවයි.
ස්වභාවික ක්‍රියාවලිය යටතේ, වෙරළ තීරයේ ඉතිරිව ඇති තෙල් ඉවත් වීමට යම් කාලසීමාවක් ගත වනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.
ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, බලපෑමට ලක්වූ උස්වැටකෙයියාව සිට පමුණුගම දක්වා වූ වෙරළ තීරය තවදුරටත් භාවිතයට සුදුසු නොවන බවයි.
COMMENTS