“ජනබලය කොළඹට“ විරෝධතාවය සඳහා සම්බන්ධවීමට පැමිණි පිරිස් අතරින් බොහෝමයක් මේවන විට නැවත ගම්බිම් බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ. ජනතාව රඳවා ...
“ජනබලය කොළඹට“ විරෝධතාවය සඳහා සම්බන්ධවීමට පැමිණි පිරිස් අතරින් බොහෝමයක් මේවන විට නැවත ගම්බිම් බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ.
ජනතාව රඳවා ගැනීම වෙනුවෙන් විවිධ අංග එක්කරගනිමින් ඒකාබද්ධ විපක්ෂය විසින් ලේක් හවුස් වටරවුම ආසන්නයේ සිට සංවිධානය කර තිබිණි. නමුත් ජනතාව එයද නොතකමින් නිවෙස් බලා පිටත්ව යන බව වාර්තා වේ.
මේ අතර විරෝධතාවයට එක්වූ පිරිස පන්දම් දැල්වීම කටයුතු කර තිබුණේ අද රැය පහන් වනතුරු විරෝධතාවයේ නිරත වීමටය.
කෙසේ වෙතත් බලාපොරොත්තු නොවූ ලෙස විරෝධතාවට එක්වූ පිරිස රාත්‍රීය වන විට ක්‍රමයෙන් පිටත්ව යමින් සිටින බව වාර්තා වේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද විරෝධතාවට එක්ව සිටියහ.
COMMENTS