ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කළ ‘ජනබලය කොළඹට‘ විරෝධතාවය ලේක්හවුස් වටරවුමේ ආරම්භ කළ අතර මේවන විට එම විරෝධතා රැලිය අවසන් කිරීමට තීරණය කර...
ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කළ ‘ජනබලය කොළඹට‘ විරෝධතාවය ලේක්හවුස් වටරවුමේ ආරම්භ කළ අතර මේවන විට එම විරෝධතා රැලිය අවසන් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව රාත‍්‍රී 12.00 එය අවසන් කරන බව සංවිධායකයෝ පවසති.
අද රැය පහන් වන තුරු සත්‍යග‍්‍රහයක් පැවැත්වීමට තීරණය කර තිබුනද දුර බැහැරින් පැමිණි ජනතාව නිවෙස් බලා යාම හේතුවෙන් මෙම තිරණය ගෙන ඇත.
මේ අතර එම ජන රැළියට පැමිණි ජනතාව චෝදනා කළේ මෙම විරෝධතාවය කිසිදු දැක්මක් අනුව සිදුකළ එකක් නොවන බවයි.
“මහින්ද මහත්තය වෙනුවෙන් අපි ආවේ. රට වෙනුවෙන් අපි ආවේ. වැසිකිලියක් නෑ යන්න.“ විරෝධතාවයට පැමිණි පුද්ගලයෙකු පැවසී ය.
“අරෙහෙ තියෙනවා. මෙහෙ තියෙනවා කියනවා. හරි දෙයක් කියන්න ඕනනේ.“ යැයි තවත් පුද්ගලයෙකු සඳහන් කළේය.
මේ අතර එම විරෝධතාවය සංවිධානය කළ පුද්ගලයෙකු ජනතාවට සඳහන් කළේ “ මහින්ද මහත්තයට ආදරෙයි නම් ඔහොම ඉන්න.“
“පාරවල් බ්ලොක් කරලා එක්කෝ මිනිස්සු අසරණ කරන්නේ නැතිව ඉන්න ඕන. ලොකු ලොක්කෝ කොහොමත් ගෙවල් වල. එහෙම නැත්නම් මෙයාලා ඇවිල්ලා කියන්න ඕනේ ඔයාලත් ගෙදර යන්න කියලා. කිසිම තේරුමක් නැති වැඩක්නේ මේක.“ රැලියට පැමිණි ජනතාව චෝදනා කළේය.
COMMENTS