දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යාපනයේ "ආවා කල්ලිය" යළි වැඩ අරඹයි - දෙදෙනෙකුට තුවාල, නිවාස හා දේපලවලටත් හානී
Homeප්‍රවෘත්ති

යාපනයේ "ආවා කල්ලිය" යළි වැඩ අරඹයි - දෙදෙනෙකුට තුවාල, නිවාස හා දේපලවලටත් හානී

PropellerAds

යාපනයේ ස්ථාන 3 කදී ඊයේ (06) උදෑසන ආවා කල්ලිය විසින් නිවාස 05 කට පහරදීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර නිවාස අලාභහානිද සිදු...

ජනපති වැය ශීර්ෂ විවාදයට ජනපති පාර්ලිමේන්තුවට පැමිණ නෑ - ජනපති කෙන්යාවේ සංචාරයක
ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ඉල්ලීම 23වනදා යුනෙස්කෝවට
අයවැය දෙවනවර කියවීමට එ.ජ.නි.සයේ ඡන්දය නොදුන් මන්ත්‍රී ලැයිස්තුව
යාපනයේ

යාපනයේ ස්ථාන 3 කදී ඊයේ (06) උදෑසන ආවා කල්ලිය විසින් නිවාස 05 කට පහරදීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර නිවාස අලාභහානිද සිදුව ඇතයි ප්‍රදේශයන් භාර පොලිසිය කියා සිටියේය.

යාපනය කෝපායි පොලිස් වසමට අයත් කෝපායි දකුණ කොණ්ඩාවිල් පාරේ පදිංචි 36 හැවිරිදි ජෙයරත්නම් ජූඩ් ස්ටැන්ලි නැමත්තාගේ නිවසට අද අළුයම පළමු ප්‍රහාරය එල්ල වී ඇති අතර  එම ප්‍රහාරයෙන් නිවසේ දේපල හානි සිදුව ඇති ඇත.

දෙවන ප්‍රහාරය අද අළුයම එල්ල වී ඇත්තේ කෝපායි ආදිපාදම් වීදිය කල්වියන්කාඩු ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි  පද්මරාසා සජීවන් නැමත්තාගේ නිවසේ දේපල වලට හානි කොට පසුව නිවසේ සිටි 70 හැවිරිදි වේලුපුල්ලේ සෙල්වරාසා පුද්ගලාටද තියුණු ආයුධ වලින් පහරදී තුවාල සිදු කොට පලාගොස් ඇත.

තෙවන ප්‍රහාරය අද අළුයම එල්ල වී ඇත්තේ ආදිපාදම් වීදිය කල්වියන්කාඩු ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි සජීව් අනුෂාන් නැමති පුද්ගලයාගේ නිවසට පැන නිවසේ දේපල හානි කොට පලා ගොස් ඇත.

 සිව් වන ප්‍රහාරය අද අළුයම එල්ල කොට ඇත්තේ අංක 46 රජවීදිය කල්වියන්කාඩු ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි බාලේන්ද්‍රන් සරෝජනී දේවි නැමති කාන්තාවගේ නිවසට ඇතුල් වී නිවසේ දේපල වලට හානි කොට පසුව එම කාන්තාවටද තියුණු ආයුද වලින් පහරදී තුවාල සිදු කොට පලා ගොස් ඇති බවට කෝපායි පොලීසිය කියා සිටියේය.

අදාල පහරදීම් වලින් තුවාල ලැබූ පිරිමි පුද්ගලයා සහ කාන්තාව මේ වන විට යාපනය 24 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවටද පොලීසිය කියා සිටියේය.

මේ අතර යාපනය චුන්නාකම් පොලිස් බල ප්‍රදේශයේ කුප්පිලාන් උතුර ප්‍රදේශයේ පදිංචි අරුලම්බරන් ජෙයරාසන් නැමත්තාගේ නිවසට පෙරේදා (05) සවස ප්‍රහාරය එල්ල වී ඇති අතර එහිදී නිවසේ තිබූ යතුරු පැදි දෙකකට හා දේපල හානි රැසක් සිදුකොට පලා ගොස් ඇත.

මෙම නිවාස 5 ටම පහර දීම සඳහා යතුරු පැදි 5 කින් පුද්ගලයින් 10 දෙනෙකු පැමිණ ඇති බවට තොරතුරු අනාවරනය වී ඇති හෙයින් සියලු ප්‍රහාරයන් ආවා කල්ලියේ එකම කණ්ඩායමක් විසින් පහරදීමට පැමිණ ඇති බවට සැක කරන්නේ යැයි පරික්ෂණ සිදු කරන කෝපායි පොලීසිය හා චුන්නාකම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යාපනයේ "ආවා කල්ලිය" යළි වැඩ අරඹයි - දෙදෙනෙකුට තුවාල, නිවාස හා දේපලවලටත් හානී
යාපනයේ "ආවා කල්ලිය" යළි වැඩ අරඹයි - දෙදෙනෙකුට තුවාල, නිවාස හා දේපලවලටත් හානී
http://am.lk/media/k2/items/cache/c50524e707603a800583c263ac65a4bb_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_829.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_829.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy