යවැය කාරක සභා අවස්ථාවේදි ජනපති කාර්යාල වැය ශීර්ෂයේ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේ ආරම්භ වී තිබේ. කෙසේ වෙතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන ...
යවැය කාරක සභා අවස්ථාවේදි ජනපති කාර්යාල වැය ශීර්ෂයේ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේ ආරම්භ වී තිබේ.
කෙසේ වෙතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සඳහා එක්වීමට පාර්ලිමේන්තුවට පැමිණ නොමැත.
මෙම විවාදයට එක්වූ ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සඳහන් කළේ තමන්ට ජනපතිගෙන් ඇසීමට ප්‍රශ්ණ කිහිපයක් තිබෙන බවත් ඔහු පාර්ලිමේන්තුවට පැමිණේවි යැයි සිතිය බවයි.
කෙසේ නමුත් කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සමුළුවට එක් වෙයි.
“පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්” යන තේමාව යටතේ මාර්තු 11 වන දා ආරම්භ කෙරුණු එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරය මාර්තු 15 වනදා දක්වා නයිරෝබි නුවර දී පැවැත්වේ.
එහි ඉහළ මට්ටමේ ප්‍රධාන රැස්වීම හෙට ආරම්භ කෙරෙන අතර, හෙට දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත ය.
ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රොන් මැතිතුමා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයෝ කිහිප දෙනෙකු ද සමුළුවට සහභාගීවීමට නියමිතය.
COMMENTS