දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ඉල්ලීම 23වනදා යුනෙස්කෝවට
Homeප්‍රවෘත්ති

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ඉල්ලීම 23වනදා යුනෙස්කෝවට

PropellerAds

ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ ඉල්ලීම අඩංගු ලියවිල්ල යුනෙස්කෝ සංවිධානයට මෙම 23 දින පස්වරු 2.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...

"මධූෂ් ලංකාවට ගේන්න රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගන්න සුදානම්" - ලතීෆ්
ජනපති පාර්ලිමේන්තුවෙන් සමාව ගනියි
වරාය ආරක්ෂාව තර කරන ලෙස සාගල උපදෙස් දෙයි
ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ඉල්ලීම 23වනදා යුනෙස්කෝවට

ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ ඉල්ලීම අඩංගු ලියවිල්ල යුනෙස්කෝ සංවිධානයට මෙම 23 දින පස්වරු 2.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගා මහ මළුවේ දී පැවැත්වෙන ත්‍රිපිටකාභිවන්දන ජාතික උත්සවයේ දී බාරදෙනු ලබයි.

මෙම අවස්ථාවට මහා නායක හිමිවරුන් ඇතුළු 5000ක මහා සංඝරත්නය, විදේශීය ස්වාමීන් වහන්සේලා, උපාසක උපාසිකාවන් 2500ක්, අන්‍ය ආගමික නායකයන්, මැති ඇමැතිවරුන්, විදේශීය තානාපති නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය.

මෙම උත්සවයට සමගාමීව ත්‍රිපිටකාරූඩ ශ්‍රී සද්ධර්මය ලෝක උරුමයක් ලෙස චිරාත් කාලයක් සුරක්ෂා කරණු වස් ‘ත්‍රිපිටකාභිවන්දන ජාතික සතිය’ මෙම 16 සිට 23 දක්වා රට පුරා ක්‍රියාත්මක කෙරේ. මෙහි දී සෑම බෞද්ධ නිවසකම සහ කාර්යාලයකම, බෞද්ධ කොඩිය ඔසවා ඒ හා සම්බන්ධවන ලෙසද මෙහි සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටී.

වසර දෙදහස් පන්සියයකට අධික කාලයක සිට වර්තමානය දක්වා මෙරට භික්ෂු පරම්පරාවේ දායකත්වයෙන් සුරක්ෂිතව රැගෙන ආ නිර්මල ථෙරවාදී බුදු දහම ඇතුළත් ත්‍රිපිටකය පසුගිය ජනවාරි 05 දින මාතලේ අලුවිහාරයේ දී ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ජනාධිපතිවරයා විසින් පෙබරවාරි 07 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2109/13 අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ. එසේ ජාතික උරුමයක් බවට පත් කරණු ලැබූ ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල යෝජනාව සඳහා පසුගිය ජනවාරි 13 දින අනුමැතිය ලැබී ඇත. එම යෝජනාව පෙරදැරි කරගෙන ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ වැඩසටහන සඳහා මෙරට ජනතාවගේ, ලෝක වාසී බෞද්ධ ජනතාවගේ සහයෝගය ලබාගැනීම සඳහා ත්‍රිපිටකාභිවන්දන ජාතික සතිය ක්‍රියාත්මක වේ.

මේ අනුව 14-15 දින ප්‍රාදේශීය මට්ටමින් මංමාවත් ධජ පතාකවලින් සැරසීම, 16 සිට 23 දක්වා ත්‍රිපිටකාභිවන්දන සතිය තුළ පස්වරු 6.00 සිට 6.15 දක්වා දීප ව්‍යාප්තව විහාරස්ථානවල ශබ්ද පූජා පැවැත්වීම, 16 දින පොලිස් වසම් තුළ සංවිධානය කරන පිණ්ඩපාත පින්කම් සහ විදේශයන්හි ශ්‍රී ලාංකික විහාරස්ථාන පදනම් කරගෙන සිදුකරන වැඩ සටහන්, 17 දින රටපුරා දහම් පාසල්වල ක්‍රියාත්මක වන වැඩසටහන, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් සිදු කරන දහම් පාසල් ගොඩනැගිලි 200ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධාන කරණු ලබන විදේශයන්හි ශ්‍රී ලාංකික විහාරස්ථාන හා දහම් පාසල් පදනම් කරගෙන සිදු කරණු ලබන වැඩසටහන ක්‍රියාත්මක වේ.

18 දින දීප ව්‍යාප්ත පාසල් හා පිරිවෙන් පදනම් කරගත් ප්‍රධාන වැඩ සටහන, 19 දින රාජ්‍ය නොවන අංශයේ ආයතන පදනම්කරගෙන සිදුකරන වැඩසටහන, 20 දින ජනපති සඳහම් යාත්‍රා පොහෝ දින වැඩ සටහන, 21 දින ජනාධිපති ලේකම් කාර්යාලය හා අදාළ පළාත් ආණ්ඩුකාර කාර්යාල මගින් රට පුරා සිදුකරන දානමය පින්කම, දීපව්‍යාප්තව විහාරස්ථාන පදනම් කරගෙන සිදු කරන වැඩසටහන, 22 දින රටපුරා සියලුම රාජ්‍ය ආයතනවල සිදුකරන වැඩසටහන් හා 23 දින මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ දී ප්‍රධාන උත්සවය පැවැත්වෙන බව මේ මාධ්‍ය හමුවේ දී අනාවරණය විය.

හම්බන්තොට, අම්පාර, පොලොන්නරුව, කුරුණෑගල, සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි 19, 20, 21 දිනයන්හි ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශන පැවැත්වීමට නියමිතය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ඉල්ලීම 23වනදා යුනෙස්කෝවට
ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ඉල්ලීම 23වනදා යුනෙස්කෝවට
http://am.lk/media/k2/items/cache/f6385263471fd9fe88447a926e4805b4_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy