දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අද පාසල් ළමුන්ගේ කොණ්ඬේ කපන්නත් චක‍්‍රලේඛ නිකුත් කරන්න සිදුවෙලා
Homeප්‍රවෘත්ති

අද පාසල් ළමුන්ගේ කොණ්ඬේ කපන්නත් චක‍්‍රලේඛ නිකුත් කරන්න සිදුවෙලා

PropellerAds

අද පාසල් ළමුන්ගේ කොණ්ඬේ කපන්නත් චක‍්‍රලේඛ නිකුත් කරන්න සිදුවෙලා යැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පසුගියදා යාපනය ආණ්ඩුකාරවර ක...

මා ජනාධිපති උනාම රට පාලනය කරන්නේ ගෙදර සිටයි - සජිත්
පුද්ගලයන් දෙදෙනකුට අතපය කැඩෙන තුරු පහරදුන් ප‍්‍රා. සභා මන්තී‍්‍රවරයා පවුලේ අයගෙන් සමාවත් අරන් වන්දිත් දීලා !
ෆොන්සේකා පොහොට්‌ටුව සමඟ එක්‌වෙනවා සිකුරුයි !
අද පාසල් ළමුන්ගේ කොණ්ඬේ කපන්නත් චක‍්‍රලේඛ නිකුත් කරන්න සිදුවෙලා

අද පාසල් ළමුන්ගේ කොණ්ඬේ කපන්නත් චක‍්‍රලේඛ නිකුත් කරන්න සිදුවෙලා යැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පසුගියදා යාපනය ආණ්ඩුකාරවර කාර්යාලයේදී පැවසීය.

 යාපනය දිස්ත‍්‍රික්කයේ අ.පො.ස. (උ/පෙළ) පන්ති පවත්වන පාසල් වල විදුහල්පතිවරුන් කැඳවා කරන ලද සාකච්ඡුාවේදී ආණ්ඩුකාරවරයා එසේ පැවසූ අතර වැඩිදුරටත් ඒ මහතා මෙසේ කීය.

“තරුණ ළමයි විශේෂයෙන්ම පාසල් වල උසස් පෙළ පන්තිවල සිටින තරුණයෝ මත්ද්‍රව්‍ය භාවිතයට ලේසියෙන්ම හා පහසුවෙන්ම ගොදුරුවන නිසා මෙම දරුවන්ව එම ව්‍යසනයෙන් මුදවා ගැනීම සඳහා කිසියම් වැඩපිළිවෙළක් ආරම්භ කල යුතු නිසායි මා ඔබව අද කැඳව්වේ. පසුගිය දිනක පොලිස් නිලධාරීන්ව මා කැඳවූ අවස්ථාවේ ඔවුන් පැවසූවේ ඔවුන්ට පමණක් තනියම මෙය කල නොහැකි බවත් දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ දායකත්වය ඒ සඳහා ලබා දිය යුතු බවයි. ඔබට දැන් මේ අවස්ථාවේ කියන්න පුළුවන් පාසලේදී දරුවන්ගේ හැසිරීම් රටාව පිළබඳව අපි පත්තර බැලූවත් ප‍්‍රවෘත්ති ඇහැව්වත් අහන්න ලැබෙන්නේ පාසල් වල සිදුවන සමාජ විරෝධී, විනය විරෝධී වැඩ පිළිබඳවයි. ඒ නිසා අනිවාර්යයෙන්ම පාසල් දරුවන් මෙයින් මුදවා ගත යුතුමයි. ඒ සඳහා ඔබේ මගපෙන්වීම දෙමාපියන්ගේ සහභාගිත්වය අවශ්‍යයි. මුළු පාසල් පද්ධතියම ආවරණය වන පරිදි වැඩපිළිවෙළක් සකස් කල යුතුයි. ඒ සඳහා විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් නායකත්වය ගත යුතුයි.”

“උතුරු පළාතේ වෙරළ තීරයේ පාසල් වලට මෙහිදී විශේෂ වැඩපිළිවෙලක් සකස් කල යුතුම වෙනවා. 80% පාසලට නොපැමිණි දරුවන්ට විභාග වලට පෙනී සිටීමට නොහැකි වන සේ කටයුතු කරන්න එපා. ඒ නිසා ඔවුන් තවත් කළකිරීම් හා වේදනාකාරී තත්වයන් ඇති වෙනවා. එවැනි තහංචි හා බලපෑම් නොකර එම දරුවන්ගේ දෙමාපියන් විදුහලට කැඳවා ඔවුන්ට අවවාද කර දරුවන් යහමගට ගන්න වැඩපිළිවෙළක් සකස් කරන්න. ඒ සඳහා දෙමාපියන්ට බලපෑම් කරන්න. උතුරු පළාත් අධ්‍යාපන ඇමතිතුමා පාසල් ළමුන්ගේ කොණ්ඩය කැපිය යුතු ආකාරය පිළිබඳව චක‍්‍රලේඛයක් යවලා තියෙනවා. ඒක හොඳ අදහසක්. නැත්නම් පාසල් ළමුන් බහුබූත විකාර රූපී කොණ්ඩ සැරසිලි වලින් පාසලට යන එක වළක්වන්න එවැනි චක‍්‍රලේඛයක් යැවීම වැදගත්. අපි පොඩි කාලේ කොණ්ඩ වවාගෙන පාසලට ගියොත් පන්තිභාර ගුරුවරයා තමයි කතුරක් අරගෙන අපේ කොණ්ඩය කපන්නේ. අද එවැනි ගුරු දෙවිවරු නැති නිසා කොණ්ඩය කපන ආකාරය කියා දෙන්නත් චක‍්‍රලේඛ යවන්න සිදුවෙලා යැයි ආණ්ඩුකාරතුමා වැඩිදුරටත් පැවසූ අතර අද අධ්‍යාපන ක‍්‍රමය අනුව දරුවකු පළමු ශ්‍රේණියෙන් පාසලට ඇතුල් කලාම 11 ශ්‍රේණියෙන් එළියට එනවා. අපි පාසල් යන කාලේ එහෙම තිබුනේ නැහැ. දුර්වල ළමයි හැම පන්තියකදීම අසමත් කලා. දැන් මේ තත්වය නැහැ. එකට ඇතුල් කලාම එකොළහෙන් එළියට එන ක‍්‍රමයක් තියෙන්නේ. ගුරුවරුන්ටත් එහෙමයි. ගුරු පුහුණු, වැඩමුළු අවම වෙලා තිබෙන්නේ. ඉබේම සේවා කාලය අනුව උසස්වීම් ලැබෙන ක‍්‍රමයක් දැන් තිබෙන්නේ. ගුරු ඇගයීම් හා වෙනත් ඇගයීම් ක‍්‍රම අඩු වෙලා. දරුවන්ගේ උපදේශනයට පත් කරන ගුරුවරුන්ට මනා පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව ඒ සඳහා යොදා ගන්න. පාසලේ උගන්වන ගුරුවරුන් ඒ සඳහා යොදා ගන්න එපා. මේ නිසා පාසලේ අධ්‍යාපනය හා ගුරු අධ්‍යාපනය දියුණු කිරීමට විශේෂ වූ වැඩපිළිවෙලක් සකස් කිරීම අවශ්‍ය යයි.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අද පාසල් ළමුන්ගේ කොණ්ඬේ කපන්නත් චක‍්‍රලේඛ නිකුත් කරන්න සිදුවෙලා
අද පාසල් ළමුන්ගේ කොණ්ඬේ කපන්නත් චක‍්‍රලේඛ නිකුත් කරන්න සිදුවෙලා
http://am.lk/media/k2/items/cache/35e52584b0312e5f35bed54012349b40_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_751.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_751.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy