ඒකාබද්ධ විපක්ෂයේ “ජනබලය කොළඹට“ උද්ඝෝෂණය පිළිබඳ ඊයේ(04) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද සාකච්ඡා කර තිබේ. ඒකාබද්ධ විපක්ෂය කොළඹදී අද පවත්වන...
ඒකාබද්ධ විපක්ෂයේ “ජනබලය කොළඹට“ උද්ඝෝෂණය පිළිබඳ ඊයේ(04) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද සාකච්ඡා කර තිබේ.
ඒකාබද්ධ විපක්ෂය කොළඹදී අද පවත්වන උද්ඝෝෂණයේදී හිංසාකාරී ලෙස හැසිරෙන්නේනම් පොලිසිය බලය පාවිච්චි කළයුතු බව ඇමැතිවරුන් කිහිපදෙනෙකු එම කැබිනට් රැස්වීමේදී දැඩිව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය රැස්වීමේදී ඇමැතිවරුන් මේ බව ප්‍රකාශ කර ඇත.
සාමාන්‍ය ජනතාවගේ ජනජීවිතය අවුල් කිරීමට කිසිදු ඉඩක් නොදිය යුතු බවද එම ඇමැතිවරුන් කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මංගල සමරවීර, හරින් ප්‍රනාන්දු, චම්පික රණවක, රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන් ඇතුළු පිරිසක් මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කර ඇතැයිද වාර්තා වේ.
COMMENTS