දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාපය අලුත් කරන්න තිස්ස යළි එයි! රනිල් ඉවත් කරන්න එජාපයේ පිරිසක් වැඩ අල්ලයි
Homeප්‍රවෘත්ති

එජාපය අලුත් කරන්න තිස්ස යළි එයි! රනිල් ඉවත් කරන්න එජාපයේ පිරිසක් වැඩ අල්ලයි

PropellerAds

මේවන විට එක්සත් ජාතික පක්ෂයට අලුත් මුහුණුවරක් දීමට අවශ්‍ය බවත් අලුත් වෙනසක් අවශ්‍ය වී ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත...

දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න මම ලෑස්ති නෑ - ගීතාගෙන් ආණ්ඩුවට පණිවිඩයක්
මේ ආණ්ඩුව තව වසර 10කට හොල්ලන්න බෑ.. ජනතාව ආණ්ඩුව ගැන පැහැදිලා ඉන්නේ - ජෝන් අමරතුංග
මීලග මහ ඇමති මමයි.. පැරදුනු මන්ත‍්‍රී දිස්ත‍්‍රික්කය පුරා කැන්වසින් !
එජාපය අලුත් කරන්න තිස්ස යළි එයි! රනිල් ඉවත් කරන්න එජාපයේ පිරිසක් වැඩ අල්ලයි

මේවන විට එක්සත් ජාතික පක්ෂයට අලුත් මුහුණුවරක් දීමට අවශ්‍ය බවත් අලුත් වෙනසක් අවශ්‍ය වී ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ පසුගියදා මාවතගම මාධ්‍ය හමුවකදී ය.

එහිදී ඒ මහතා මෙසේද පැවසී ය.

'මම පසුගියදා මාධ්‍යයෙන් දැක්කා 2020 - 2030 වනතුරු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා ඉන්නා බව. මම දකින හැටියට නම් එක්සත් ජාතික පක්ෂයට අලුත් මුහුණුවරක් දෙන්නට තියෙනවා. අලුත් වෙනසක් ඕන වෙලා තියෙනවා' යැයි තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

'1994 ඉඳලා මේ දක්වා අවුරුදු 24ක් කිසිදු ආකාරයක වෙනසක් එක්සත් ජාතික පක්ෂය තුළ දැක්කේ නැහැ. පාක්ෂිකයන් පක්ෂයෙන් ඈත් වෙමින් ඉන්නේ. තවත් අවුරුදු 12ක් විතර මේ විදියටම යන්න පාක්ෂිකයන් ලෑස්තිද කියලා බලන්න තිබෙනවා. මේක සාර්ථක පියවරක් නෙවෙයි.' 'අවුරුදු 24ක් මේ රටේ ජනාධිපති ධුරය ගන්න, රාජ්‍ය නායකකම ගන්න අසමත් වෙච්ච අවස්ථාවක තවදුරටත් පක්ෂයේ වෙනසක් ඇති නොකර මේ ගමන යන්න බැහැ. මටත් හිතෙනවා පක්ෂය තුළ වෙනසක් ඇති කිරීම ප්‍රමාද කිරීම හරහා එක්සත් ජාතික පක්ෂයේ අයට බරපතළ අසාධාරණයක් සිදුවෙනවා. ඒ විතරක් නෙවෙයි ඊළඟට එන්න ඉන්න නායකත්වයටද බරපතළ ලෙස අසාධාරණයක් සිද්ධ වෙනවා.'

'පක්ෂයේ මන්ත්‍රිවරුන්ට මොකුත් කරන්න විදියක් නෑ. ඔවුන්ගේ විරෝධය පළ කරන්න හෝ ඔවුන්ට වෙනත් ආකාරයක තමන්ගේ මතය ප්‍රකාශ කරන්න ඉඩක් නෑ. ඒක කනගාටුදායක තත්ත්වයක්. මේ සිද්ධිවලින් අවසානේ පාක්ෂිකයන් අතරමං වීමක් විතරයි වෙන්නේ. මන්ත්‍රිවරුන්, සංවිධායකවරුන්, නැත්නම් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ කිසියම් අසාධාරණයක් හමුවේ කතා කරන්න තියෙන තැන් වැහිලා තියෙනවා.' 'මම වෙනම දේශපාලන පක්ෂයක් ගොඩනඟමින් යන්නේ. එහි අවසාන අරමුණ යම් ආකාරයකින් ජනාධිපති මැතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් ආවොත් එයට ඉදිරිපත් වෙන්න. සන්ධානගත වීමක් හෝ ඒකාබද්ධ වීමකට යන්න ඉඩ තියාගෙන තමයි අපි ඒක කරන්නේ. කාගෙවත් කණ්ඩායමක් නොවී, කාගෙවත් පාර්ශ්වයක් නොවී සංවිධානය වෙලා ස්වාධීන මතයක් සහිතව එවැනි තැනකට එන්න තමයි අපේ ඉලක්කය.'

'ඉදිරි ජනාධිපතිවරණය, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය දෙකම අපි ඉලක්ක කරනවා. ඒ දක්වා සංවිධාන කටයුතු කරලා ඒ වෙනකොට තිබෙන තත්ත්වය අනුව තමයි, අවසාන තීරණයකට එළැඹෙන්න සූදානමකින් ඉන්නේ' යැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාපය අලුත් කරන්න තිස්ස යළි එයි! රනිල් ඉවත් කරන්න එජාපයේ පිරිසක් වැඩ අල්ලයි
එජාපය අලුත් කරන්න තිස්ස යළි එයි! රනිල් ඉවත් කරන්න එජාපයේ පිරිසක් වැඩ අල්ලයි
http://am.lk/media/k2/items/cache/ef2b4ada95fb1a12937be54f0bc240fb_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_659.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_659.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy