මන්නාරම සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනී වළ සම්බන්ධයෙන් මාධ්‍යට තොරතුරු ඉදිරිපත් කිරීම බදාදා දිනට පමණක් සීමා කරන ලෙසට මන්නා...
මන්නාරම සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනී වළ සම්බන්ධයෙන් මාධ්‍යට තොරතුරු ඉදිරිපත් කිරීම බදාදා දිනට පමණක් සීමා කරන ලෙසට මන්නාරම නව මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතා නියෝග කොට ඇති බව මන්නාරම සමූහ මිනිවළ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මන්නාරම රෝහල් විශේෂ අධිකරණ වෛද්‍ය නිළධාරීන් සමින්ද රාජපක්ෂ මහතා අද (13) පැවසීය.
සමින්ද රාජපක්ෂ මහතාගේ මන්නාරම් සමූහ මිණිවලේ පරික්ෂණ කටයුතු පිළිබඳ විමසීමේ වෛද්‍ය වරයා මේ බව පැවසුවේය.
ඒ අනුව නව මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත අදාල කරුණු සෑම බදාදා දිනකම උදැසන 10.30 සිට 11.00 දක්වා පමණක් ලබා දීමට නියෝග කොට ඇත.
මන්නාරම නව මහේස්ත්‍රාත්වරයා පසුගිය දිනවල පත්වීම ලද අතර, එහිදි අදාළ සමූහ මිනිවළ සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව ප්‍රකාශ සිදුකළ යුතු බැවින් සමූහ මිනිවළ සම්බන්ධයෙන් තොරතුරු අවශ්‍ය වන්නේ නම් මන්නාරම අධිකරණයේ රෙජිස්ටාර්වරයාගෙන් පමණක් ලබා ගන්නා ලෙසට පළමුව මන්නාරම් මහෙස්ත්‍රාත් වරයා නියෝග කොට තිබිණ.
එහෙත් අතුරුදහන්වූවන් පිළිබද සොයා බලන කොමිෂන් සභාව හා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සිදුකළ ඉල්ලීමක් අනුව අදාළ කැනීම් කටයුතු පිළිබද නිපුණතාවය දක්වන කැනීම් කටයුතු භාර විශේෂ අධිකරණ වෛද්‍ය නිළධාරි සමින්ද රාජපක්ෂ මහතා වෙත අදාළ බලය ලබාදෙන ලෙසට මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිදුකළ ඉල්ලීම සළකා බලා මන්නාරම මහේස්ත්‍රාත්වරයා සතියේ එක් දිනකට පමණක් පැය බාගයක කාලයක් ඒ සඳහා වෙන්කිරීමේ අදාළ නියෝගය සිදුකොට ඇති බවද රාජපක්ෂ මහතා පැවසුවේය.
මාධ්‍යට ප්‍රකාශයන් නිකුත් කිරීම බදාදා දින පැය බාගයක් පමණක් තිබුණද අනෙක් සෑම දිනයන්හීම උදෑසන 10.30 සිට 11.00 වන තෙක්ද සවස 3.30. සිට සවස 4. වන තෙක් සමූහ මිණිවලේ ඡායාරූප හා වීඩියොගත කර ගැනීමට අවස්ථාව තිබෙන බවටද සමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
වර්තමානය වන විට මන්නාරම සමූහ මිනිවළ තුළින් දින 69 ක කාලයක් කැනීම් කටයුතු සිදුකොට ඇති අතර, සමූහ මිනිවළ සම්බන්ධයෙන් ඉදිරි තොරතුර එළැඹෙන බදාදා දින නිකුත් කරන බවද සමින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS