ජනාධිපති සමාවක් ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට කෙලින් තීරණයක් ගැනීමේ හැකියාව පවතින බව ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසයි. ඊ...
ජනාධිපති සමාවක් ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට කෙලින් තීරණයක් ගැනීමේ හැකියාව පවතින බව ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසයි.
ඊයේ (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
ජනාධිපතිවරයා එයට අකමැතිවන්නේ නම් ඒ පිළිබඳ දෙවරක් සිතිය යුතු බවද උන් වහන්සේ පැවසීය.
භික්ෂුවක් ස්ත්‍රී දූෂණයක් හෝ මංකොල්ලකා ඇත්නම් ජනාධිපති සමාවක් ලබාදෙන ලෙස ඉල්ලා නොසිටින බවත් එහෙත් රට ගැන, ජාතිය පිළිබඳ ආගම හා රණවිරුවා පිළිබඳ හඬ නගා ජනාධිපති සමාව නොදෙනවානම් එය ජාතික අපරාධයක් බවද උන්වහන්සේ පැවසීය.
ජනාධිපති සමාව දිය යුතු තැනට වැඩ කටයුතු සිදුකරමින් පවතින බවද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එහිදී උන්වහන්සේ මෙසේ ද අදහස් දැක්වීය.
“ජනාධිපති වරයාට කෙලින් තීරණයක් ගන්න පුළුවන් මේ හාමුදුරුවන්ට ජනාධිපති සමාව දෙන්න ඕන කියන කාරණාව. ඒක කවුරුහරි බෑ කියනවා නම් ඒකට ජනාධිපති වරයා අකමැති වෙනවා නම් ජනාධිපතිවරයා දෙවරක් හිතන්න ඕනේ. හේතුව තමයි භික්ෂුවක් ස්ත්‍රී දුෂණ කරලා, මංකොල්ල කාලා, වෙන ඓතිහාසික දෙයක් විනාශ කරලා නම් අපි කියන්නේ නැහැ ජනාධිපති සමාව දෙන්න කියලා. හැබැයි අපි රට වෙනුවෙන් කතා කරලා, ජාතිය වෙනුවෙන් කතා කරලා, ආගම වෙනුවෙන් කතා කරලා, රණවිරු ගැන කතා කරලා, ජනාධිපති සමාව දෙන්න බෑ කිව්වොත් එහෙම ඒක ජාතික අපරාධයක් හැටියටයි අපි දකින්නේ. ඒක නිසා ඔහුට දෙන්න පුළුවන්, දෙන්න ඕන තැනට අවශ්‍ය කරන වැඩපිළිවෙල ඉදිරියේදී අපි ගේනවා.”
COMMENTS