කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රය ඊයේ දහවල් මෙම විරෝධතාවය පැවැත්විණි. එය සංවිධානය කර තිබුනේ ගුවන් තොටුපලේ ශ්‍රී ලංකා සේවක...
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රය ඊයේ දහවල් මෙම විරෝධතාවය පැවැත්විණි. එය සංවිධානය කර තිබුනේ ගුවන් තොටුපලේ ශ්‍රී ලංකා සේවක සංගමය ඇතුළු තවත් වෘත්ති සමිති කිහිපයකි.
පැයකට ආසන්න කාලයක් පැවති විරෝධතාවය පසුව අවසන් කෙරිණි.
අනතුරුව ඔවුන් මාධ්‍ය හමුවක් කැඳවා මෙම තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු අනාවරණය කළේය.
නිදහස් සේවක සංගමයේ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා මෙසේ අදහස් දැක්විය.
“මේ ආයතන සියල්ල සිවිල් ගුවන් සේවා පනත යටතේ පිහිටුවා තියෙන ආයතන. මේ පනතේ මුල ඉඳලා අග දක්වා කියලා තියෙන්නේ ජාතික ආරක්ෂාවට පිටුවහලක් වශයෙන් මේ පනත යටතේ කරන හැම දෙයක්ම සිදු විය යුතුයි කියන එක තමයි හැම තැනකම කියල තියෙනේ. හේතුව තමයි ගුවන් තලේ අපේ රටේ ස්වෛරී භාවය ඉතාම වැදගත් අංගයක්. ඉතින් ඒක නිසා ඒ කාලේ මේ පනත හදමු මිනිස්සු මේ රටට ආදරය කරන මිනිස්සු හැටියට කල්පනා කරලා තියෙනවා මේ පනත යටතේ පාලන ආයතන එහෙම වෙනත් ආයතන වගේ විකුණන්ඩ, කෑලිවලට කඩන්න, ඉඩ දීලා නෑ මේ පනතින්. අපි දිනා ගත්ත යම්කිසි නිදහසක් තියෙනවා නම් ඒක විකුණා දැමීමට කිසිම රජයකට අපි වරමක් දීලා නැහැ. ඒ නිසා අපිට ලොකු කාර්යභාරයක් ඉෂ්ට කිරීමට තියෙන වෙලාවෙ එහෙම උනොත් පහුගිය කාලයෙත් පැය 4ක් 5ක් අපි එයාර්පෝට් එකේ වැඩ නැවැත්තුවා. නමුත් අපිට මේකෙදි නම් ඊට වඩා දීර්ඝ වැඩක් කරන්න වෙයි. ඒකට වුණත් අපි ලෑස්තියි.”
COMMENTS