මැතිඇමතිවරුන් සඳහා මිල අධික සුපිරි මෝටර්රථ ආනයනය අනිවාර්යෙන්ම නතරකළ යුතු බවත්, ලබන වසරේදී ඒ සඳහා ඉඩක් නොලැබෙනු ඇති බවත් මුදල් හා ජනමාධ්‍ය ...
මැතිඇමතිවරුන් සඳහා මිල අධික සුපිරි මෝටර්රථ ආනයනය අනිවාර්යෙන්ම නතරකළ යුතු බවත්, ලබන වසරේදී ඒ සඳහා ඉඩක් නොලැබෙනු ඇති බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ඊයේ (27) කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“පවතින තත්ත්වය කවදා හොඳ අතට හැරෙයිද කියලා කියන්න බැහැ මොකද උදාහරණයක් විදිහට ඊයේ තෙල් මිල ඇමෙරිකානු ඩොලර් 80 දක්වා ඉහළ ගියා. මම CNN එකේ දැක්කා ඔවුන් අනුමාන කරනවා ඇමෙරිකාව සහ ඉරානය අතර වත්මන් දේශපාලන තත්ත්වය නරක අතට හැරුණහොත් තෙල් මිල ඇමෙරිකානු ඩොලර් 100 දක්වා ඉහළ යන්න පුළුවන් කියලා. මිල සූත්‍රයට ආයේ දහවැනිදා ලෑස්තිවෙලා ඉන්න."
මේ අතර පෞද්ගලික පංති මත පදනම් වූ අධ්‍යාපනය ක්‍රමය තුළ කිසිදු නිර්මාණශීලිත්වයකට ඉඩක් නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
වහලුන් සේ අධ්‍යාපනය ලබමින් විශ්වවිද්‍යාලය වෙත පිවිසීම හැර රාමුවෙන් පිටට ගොස් නව නිර්මාණ බිහි කිරීමට එමගින් දරුවන්ට අවස්ථාව හිමි නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
COMMENTS