අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවිධිමත් බව නැති කිරීමට උත්සාහ දරන විට බාධක එල්ල වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඒ ගුරු අධ්...
අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවිධිමත් බව නැති කිරීමට උත්සාහ දරන විට බාධක එල්ල වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඒ ගුරු අධ්‍යාපනඥ සේවයේ උසස් වීම් ලද නිලධාරීන් ස්ථානගත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“අපි අපේ යුතුකම් ඉෂ්ඨ කරනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවිධිමත් බව නැති කරලා විධිමත් කරනකොටත් ප්‍රශ්න. අර නිල ඇඳුම දෙන කොට ඒකෙ ගසා කෑම කොමිස් ගැහිල්ල නවත්තලා වවුචර් එක දෙනකොටත් මන් දැක්කා ඡන්දේ ඉවර කරලා මට පහර දෙනවා. ඒක අනේ මන්දා හොරකම් කරන එක අනුමත කරනවද මේ රටේ ජනතාව කියලා මම දන්නේ නැහැ. නැත්තම් එහෙම කරන්න කියනවද කියලා මම දන්නේ නැහැ. ටැබ් මිලදී ගැනීමේ දී මිලියන 2ක් විතර වැඩිපුර ඕනේ නම් ආණ්ඩුවටත් පාඩු කරලා ගන්න පුළුවන්කම තියෙද්දී අපි ඒවට විරුද්ධව පෙනී හිටලා ඒ මිලියන 2ත් අඩු කරලා තමයි අපි අවසානේ ටෙන්ඩර් එක ඉවර කරලා ඉවර වෙලා කැබිනට් මණ්ඩලයට ගෙනිච්චේ.”
“මිලියන 2ක් වැඩිපුර තියෙන කොට කවුරුත් කෑ ගැහුවේ නෑ. බිලියන 2ක් අඩු වෙලා එතනට ගියාම ඒකට විරුද්ධව කෑ ගහලා රටේ මතයක් හදලා අතිගරු ජනාධිපතිතුමාට, අගමැතිතුමාටත් ඒක හිරවෙන තැනට ගෙනල්ලා තියෙනවා. ඉතින් මෙහෙමයි හැටි. සමරවිට හොරකම් අල්ලන්න ගියාම හොරු හොරකම අල්ලන්න යන එකාව අල්ල ගන්නවා. ඒකයි මට නම් හිතෙන්නේ. එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ සමාජයේ හරි අමාරුයි හරියට කෙලින් වැඩ කරන්න. කෙලින් තීරණ ගන්න. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හැදිලා තියෙන්නේ එහෙමයි. කාලයක් තිස්සේ වැඩවසම් විදියට සමහර තැන් හැදිලා තියෙනවා. වැරදි විදියට තමයි කාලයක් තිස්සේ ඒවා වෙනස් කරනකොට වෙනස් කරන අය පේන්නේ ජෝක් එකක් විදියට.” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS