දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දඹුල්ල ප්‍රාදේශීය සභාවේ දී අගමැති මහින්දට කළ යෝජනාව එජාප, ජවිපෙ හා ශ්‍රීලනිප සම්මත කරයි
Homeප්‍රවෘත්ති

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ දී අගමැති මහින්දට කළ යෝජනාව එජාප, ජවිපෙ හා ශ්‍රීලනිප සම්මත කරයි

PropellerAds

ලෝක උරුම සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල අය කරන මුදලින් 1% ක මුදලක් දඹුල්ල ප්‍රාදේශීය සභාවට ...

ගෝඨාභය අධිකරණයට එයි
ජනපතිගේ අමාත්‍යාංශ නිළධාරීන් ගෙදර යවයි (VIDEO)
දුමින්දගේ රෝගී තත්ත්වය බලන්න විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක්
දඹුල්ල ප්‍රාදේශීය සභාවේ දී අගමැති මහින්දට කළ යෝජනාව එජාප, ජවිපෙ හා ශ්‍රීලනිප සම්මත කරයි

ලෝක උරුම සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල අය කරන මුදලින් 1% ක මුදලක් දඹුල්ල ප්‍රාදේශීය සභාවට ලබාදෙන්නැයි වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන  යෝජනාක් දඹුල්ල ප්‍රදේශීය  සභාවේ සභාපතිවරයා ගෙන ආ අතර   එම  යෝජනාවට දඹුල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද ස්ථිර කිරීම 02 දින සභාවේ දී සිදුකෙරිණි.

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ බලය හිමිව ඇත්තේ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ වෙතය, එහි වර්තමාන සභාපතිත්වය උසුලනු ලබන්නේ කේ.ජී. සෝමතිලක මහතා ය. ප්‍රාදේශීය සභාවේ මාසික මහ සභා රැස්වීම 02 දින පෙරවරුවේ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

එහිදී දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ .ජී .සෝමතිලක මහතා   ආදායම් උත්පාදන වැඩපිළිවෙළ යටතේ යෝජනා කර සිටියේ වසර ගණනාවක සිට  සෑම රජය කටම  යෝජනා කළ ද මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන්   මධ්‍යම සංස්කෘතික අරමුදල අයකරන අති විශාල මුදලින් 1% ක මුදලක් ප්‍රාදේශීය සභාවට ලබා දීමට නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට යෝජනා කරන බව ය.

සභාපතිවරයා විසින් ගෙන ආ යෝජනාව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විපක්ෂ නායක වරයා වූ සමන් මොරේමඩ මහතා ස්ථීර කළ අතර ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන තුසිත් චන්ද්‍ර කුරුකුලසූරිය හා එන් .කේ . කරුණාරත්න මහතා මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ඩබ්ලිව්. එම්. තිලකරත්න මහතා ද ස්ථිර කළහ.

ඊට අමතරව සභාවේ පැමිණ සිටි සියලු ම ප්‍රාදේශීය සභා සියලු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අසුන් මෙන් නැගිට සිය අත් උස්සා එම යෝජනාව අනුමත කරන බව ප්‍රකාශ කළහ.

පක්ෂ විපක්ෂ  මන්ත්‍රීවරුන් කියා සිටියේ මධ්‍යම සංස්කෘතික අරමුදල මේවනවිට සීගිරිය කුලියාපිටිය ප්‍රදේශයේ කොටසක් බවට පත් කොට ඇති බවය .  මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි කාර්යාලයේ සේවය කළ සීගිරියේ පදිංචිකරුවන් ඉවත් කොට බහුතර සේවක පිරිස පසුගිය රජය සමයේ කුලියාපිටිය සහ කුරුණෑගල ප්‍රදේශවලින් සේවකයන් බඳවා ගැනීම නිසා ප්‍රදේශයේ බරපතළ ප්‍රශ්න රැසක් මතු වී ඇතැයි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් කියන්නට වූහ.

මධ්‍යම සංස්කෘතික අරමුදල එක් විදේශිකයෙකුගෙන් සීගිරිය නැරඹීම සඳහා රුපියල් 5000 කට අධික මුදලක් ලබා ගන්නා බවත් එයින් කිසිදු සතයක් හෝ ප්‍රදේශයේ සංවර්ධනයට ලබා නොදෙන බවත් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මාර්ග සියල්ල පාවිච්චි කරන බවද එමෙන්ම කුණු කසළ ඉවත් කිරීම ප්‍රදේශයේ සුද්ද පවිත්‍ර කිරීම් ආදී සියල්ල ප්‍රාදේශීය සභාවෙන් සිදු කරන බව විපක්ෂනායක සමන් මොරේමඩ මහතා මෙහිදී සඳහන් කළේය.

පසුගිය පැවති හැම රජයකින්ම මෙම යෝජනාව ඉදිරිපත් කළ ද මෙතෙක් කිසිදු සාධාරණ ප්‍රතිපලයක් නොමැති තැන වර්තමාන රජයට මෙම යෝජනාව ගෙන ඒම පිළිබඳව  පාලක පක්ෂයේ සභාපතිවරයාට ස්තුතිවන්ත වන බව පක්ෂ විපක්ෂයේ මන්ත්‍රීවරු මෙහිදී සඳහන් කළහ.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දඹුල්ල ප්‍රාදේශීය සභාවේ දී අගමැති මහින්දට කළ යෝජනාව එජාප, ජවිපෙ හා ශ්‍රීලනිප සම්මත කරයි
දඹුල්ල ප්‍රාදේශීය සභාවේ දී අගමැති මහින්දට කළ යෝජනාව එජාප, ජවිපෙ හා ශ්‍රීලනිප සම්මත කරයි
http://am.lk/media/k2/items/cache/c7ba9b9d1da3b0929b0a470e54b7981c_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_70.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_70.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy