හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ වන විට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු කරන බව වාර්තා වෙයි. පාඨලී චම්පික රණ...
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ වන විට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු කරන බව වාර්තා වෙයි.
පාඨලී චම්පික රණවක මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ අද (02) අමාත්‍යංශ වෙත ගොස් රාජකාරි කටයුතු සිදු කරන අයුරු සටහන් ඇත.
පසුගිය 26 දා නව අග්‍රාමත්‍යවරයෙකු පත්වීමත් සමඟ පැවති ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසිර ගියේය.
පසුගි දින කිහිපය තුළ විවිධ අමාත්‍යාංශ සඳහා ඇමතිවරු දිවුරුම් දුන්නද මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහා කිසිදු ඇමතිවරයෙක් දිවුරුම් දී නොමැත.
එවැනි අවස්ථාව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ වන විට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙත ගොස් රාජකාරි සිදු කරයි.
කථානකතුමා විසින් පක්ෂ නායකයින්ගේ ඉල්ලීම මත නිල නොවන කැඳවීමක් කළ බවත් එහිදී යොජනා කිහිපක් සම්මත කර ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එම අවස්ථාවට එක් වෙමින් පැවසීය.
එම රැස්වීමේදී පාර්ලිමේන්තු සැසිය කල් දැමීම නිතී විරෝධී බවත් ඉකුත් 26වදා පත් කළ අගමැතිවරයා සහ අගමැතිවරයාගේ කාර්ය මණ්ඩලය පත් කිරීම නිතී විරෝධී බවත් යොජනාවත් සම්මත කර ගත් බව ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම යොජනාව සඳහා පර්මේන්තුවේ මන්ත්‍රීවරුන් 118ක් මෙහිදී කැමැත්ත පළ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එමඟින් පෙනී යන්නේ අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුව තුළ බහුතර බලය නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය.
COMMENTS