අත්තනගල්ල සිත්තම්මහර බෝනෑගල හරහා අත්තනගලු ඔය මත ඉදිකෙරුණු පාලම හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතින් ඊයේ (22) උදෑසන 11...
අත්තනගල්ල සිත්තම්මහර බෝනෑගල හරහා අත්තනගලු ඔය මත ඉදිකෙරුණු පාලම හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතින් ඊයේ (22) උදෑසන 11.00 ට පමණ විවෘත කරන අවස්ථාවේදී බස්නාහිර පළාත් මන්ත්‍රීවරයකු ඇතුළු ආධාරකරුවන් පිරිසක් එම ස්ථානයට පැමිණ ‘හූ‘ කියමින් සිදුකළ විරෝධතාවයක් නිසා උත්සවය කලහකාරී විය.
මෙම අවස්ථාවේ පිරිසක් ශබ්ද විකාශන යන්ත්‍ර අක්‍රීයවන පරිදි බයිසිකල් චේන් පටකින් ප්‍රධාන විදුලි කම්බි මතට පතිත කර විදුලිය විසන්ධි කිරීමට උත්සාහ කළහ. මෙම අවස්ථාවේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කලබලයට පත් නොවී උත්සවයේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන ලෙසට සංවිධායකවරුන්ට දැනුම්දුන් අතර ඇමැති ලසන්ත අලගියවන්න, ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අත්තනගලු ඔය හරහා ඉදිකළ මෙම පාලම චන්ද්‍රිකා මහත්මියගේ මැදිහත්වීම මත ලබා දී තිබූ අතර අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සහ වෙනත් පිරිසක් මෙම උත්සවය කඩාකප්පල් කිරීමට ක්‍රියා කළ බව උත්සව සංවිධායකවරු කියා සිටියහ.
මීට දින කිහිපයකට පෙර පළාත් සභා මන්ත්‍රීවරයකු සහ අත්තනගල්ල ප්‍රාදේශීය සභා සභාපති ඇතුලු පිරිසක් විසින් රාත්‍රී කාලයේ හදිසියේම මෙම පාලම විවෘත කිරීමට කටයුතු යොදා තිබිණි.
COMMENTS