දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජන බලය අද කොළඹට එයි : කොළඹ අතුරු මාර්ග පුරවන්න යයි!
Homeගොසිප්

ජන බලය අද කොළඹට එයි : කොළඹ අතුරු මාර්ග පුරවන්න යයි!

PropellerAds

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන විරෝධතා රැළිය අද(05) කොළඹදී පැවැත්වීමට කටයුතු කර තිබේ. මෙම ජන බලය මහජන විරෝධතා රැළිය  මැඩ පැවැත්වීම සඳහා ආ...

විමල්ගේ මාංචු අයිසින් කේක්‌ ගෙඩිය ගැන පාර්ලිමේන්තුවේ රීති ප්‍රශ්නයක්‌
අසේල 85 -කුසල් නොදැවී 166 -යළි ටෙස්ට් ක්‍රිකට් ප්‍රබෝධයක්
බැඳුම්කර විමර්ශන සීඅයිඩීයට


ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන විරෝධතා රැළිය අද(05) කොළඹදී පැවැත්වීමට කටයුතු කර තිබේ.

මෙම ජන බලය මහජන විරෝධතා රැළිය  මැඩ පැවැත්වීම සඳහා ආණ්ඩුව විවිධ පියවර ගත්තද නොබියව ඊට මුහුණ දෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ශෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් ඔහුගේ නිළ නිවසේ ඊයේ(05) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියමිත වේලාවේදී ජනතා රැළියට සහභාගී වනු ඇති බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා පවසයි.

රැළියට සහභාගී වන ජනතාව පැමිණෙන බස් රථ වලට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාවක් ආණ්ඩුවට නොමැති බව අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ සහයද මෙම රැළියට ලැබෙන බව චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

කොළඹ අතුරු මාර්ග පුරවනවා
   
විරෝධතා රැලිය කොළඹ නගරයේදී පිවිසුම් මාර්ග අතුරු සිදුරු නැතිව පිරී යන ආකාරයට විරෝධතාව පවත්වන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ උප සභාපති ටී. රංජත් ද සොයිසා මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පවසා සිටියේය.

"වසර තුන හමාරක් තිස්සේ මේ යහපාලන ආණ්ඩුව ජනතාව පීඩාවෙන් පීඩාවට පත්කර තිබෙනවා. 'ජන බලය කොළඹට' යන මැයෙන් 'වැඩබැරි ආණ්ඩුව ගෙදර යවනු' තේමාව යටතේ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මෙම විරෝධතාව පවත්වනවා.

රටේ රාජ්‍ය සම්පත් විදේශිකයන්ට විකිණීමට එරෙහිවත් ජනතාව මත පටවා තිබෙන අසීමිත බදු බරට එරෙහිවත් මහ බැංකු මුදල් මංකොල්ලයට එරෙහිව තමයි එම විරෝධතාව පවත්වන්නේ. මෙම විරෝධතාව සඳහා ලක්ෂ ගණනින් කොළඹ නගරයට පැමිණීමට නියමිතව සිටිනවා.


ඒ සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු ආසන මට්ටමෙන් ඉතා සාර්ථක ලෙස සිදු කරනවා. අද දවසේ කොළඹ නගරයට පිවිසෙන සෑම මාර්ගයක්ම අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී යන බව මං විශ්වාස කරනවා."

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජන බලය අද කොළඹට එයි : කොළඹ අතුරු මාර්ග පුරවන්න යයි!
ජන බලය අද කොළඹට එයි : කොළඹ අතුරු මාර්ග පුරවන්න යයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEieglcNiQavl4q3NDWorp83MF33AhXpOp4l0uIyBFDaEyq4i9kKrSYK4wRQFqK10tbfEw_WyrEQbQ52lZR_Z2vj7UngGy-C8sKaksjiq6GvX5c1eCUumhqPcxkIUiTOsvSy8PsvRthy71Fh/s1600/jana+balaya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEieglcNiQavl4q3NDWorp83MF33AhXpOp4l0uIyBFDaEyq4i9kKrSYK4wRQFqK10tbfEw_WyrEQbQ52lZR_Z2vj7UngGy-C8sKaksjiq6GvX5c1eCUumhqPcxkIUiTOsvSy8PsvRthy71Fh/s72-c/jana+balaya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_5.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_5.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy