දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විමල්ගේ මාංචු අයිසින් කේක්‌ ගෙඩිය ගැන පාර්ලිමේන්තුවේ රීති ප්‍රශ්නයක්‌
Homeගොසිප්

විමල්ගේ මාංචු අයිසින් කේක්‌ ගෙඩිය ගැන පාර්ලිමේන්තුවේ රීති ප්‍රශ්නයක්‌

PropellerAds

රිමාන්ඩ් භාරයේ පසුවන විමල් වීරවංශ මහතා මාංචු කුට්‌ටමක්‌ සහිතව කේක්‌ ගෙඩියක්‌ කපමින් පාර්ලිමේන්තුව තුළ ඊයේ (07 දා) සිය උපන් දිනය සැමරීම සම්බ...

සෝරත ‍පොඩිනමගේ චරිතය සාමණේර භික්ෂුවට අපහාසයක් - හෑගොඩ විපස්සි හිමි
විමල් හිරගේ ඇතුලෙ නිදිමරාගෙන පොතක් ලියනවලු
නිමල්ට බලු සැලකිලි (බදාදා කාටූන්)
රිමාන්ඩ් භාරයේ පසුවන විමල් වීරවංශ මහතා මාංචු කුට්‌ටමක්‌ සහිතව කේක්‌ ගෙඩියක්‌ කපමින් පාර්ලිමේන්තුව තුළ ඊයේ (07 දා) සිය උපන් දිනය සැමරීම සම්බන්ධයෙන් කථානායකවරයාගේ අවධානයට යොමු කරවන බව ඊයේ පාර්ලිමේන්තුවේදී මුලසුන විසින් දැනුම් දුන්නේය.

මුලසුනේ සිටි එඩ්වඩ් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධව අදාළ පාර්ශවයන්ගෙන් අවසර ලබාගෙන ඇති බවට පවසන නිසා කථානායකවරයාගේ අවධානය යොමු කරවන බවය.
පාර්ලිමේන්තුවේ ඊයේ පැවැති විවාදය අතරතුරදී රීති ප්‍රශ්නයක්‌ මතුකරමින් නැගී සිටි කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ඡායාරූප දෙකක්‌ ප්‍රදර්ශනය කරමින් මෙසේ කීවේය.

මේ පාර්ලිමේන්තුව තුළට පාසල් සිසුවකුට පවා කෑම පැකට්‌ එකක්‌ ගෙනැවිත් කන්න බෑ. තහනම්. එසේ තිබියදී විමල් වීරවංශ මන්ත්‍රීතුමා මාංචු කුට්‌ටමක්‌ සහිත කේක්‌ ගෙඩියක්‌ ගෙනැවිත් එය කපා උපන් දිනය සැමරුවේ කොහොමද?

විමල් වීරවංශ මහතා - මම නොවේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් එය කළේ. වේත්‍රධාරී තුමන්, නියෝජ්‍ය ලේකම්තුමන් දැනුවත් කර නිසි අවසරයකින් තමයි මගේ උපන් දිනය සැමරුවේ. ඒ නිදහසේ උපන් දිනය සමරන්න බැරි නිසා. ඒකවත් තේරුම් ගන්න බැරි අය යෑවිය යුත්තේ අංගොඩ සමයං ළඟටයි.

මුලසුනේ එඩ්වඩ් ගුණසේකර මහතා - නීති කඩවී ඇත්නම් ක්‍රියාමාර්ගයක්‌ ගන්නවා.

තුෂාර ඉඳුනිල් මහතා - විමල් වීරවංශ මන්ත්‍රීතුමා ඉපදුනා කියලා අපේ අහිතක්‌ නෑ. සුබ උපන් දිනයක්‌ පතනවා. ඒත් බත් පැකට්‌ එකක්‌වත් ගෙන එන්න බැරි එකේ කොහොමද කේක්‌ ගෙඩියක්‌ ගෙනාවේ. මන්ත්‍රීවරුන් ලෙස මෙය අපේ ආරක්‍ෂාවට තර්ජනයක්‌.

මුලසුන - කථානායක මගින් සොයා බලන්නම්. අවසර ගත්තා කියා කියනවානේ.

වීරකුමාර දිසානායක මහතා - මමයි මේ ප්‍රශ්නෙට මැදිහත් වුණේ. වේත්‍රධාරිතුමාට කතාකරලා නිසි අවසරයකින් කළේ.

චමින්ද විඡේසිරි මහතා (එජාප) - පාර්ලිමේන්තුවට සහභාගි වෙන්නයි උසාවියෙන් අවසර දෙන්නේ. උපන් දිනය සමරන්න නොවේ.

තුෂාර ඉඳුනිල් මහතා - පාර්ලිමේන්තුවේ උපන් දින සාද පවත්වන්න පුළුවන්ද?

මුලසුන - කථානායකතුමාගේ අවධානයට යොමු කරන්නම්.

(අජිත් අලහකෝන්)

එම උපන්දින සැමරුමේ ඡායාරූප පහතින්
http://ift.tt/2lXs8U6
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විමල්ගේ මාංචු අයිසින් කේක්‌ ගෙඩිය ගැන පාර්ලිමේන්තුවේ රීති ප්‍රශ්නයක්‌
විමල්ගේ මාංචු අයිසින් කේක්‌ ගෙඩිය ගැන පාර්ලිමේන්තුවේ රීති ප්‍රශ්නයක්‌
http://ift.tt/2m0Cu5N
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_416.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_416.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy