දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මට, ගෝටාට, බැසිල්ට, නාමල්ට ජනාධිපතිවරණයට එන්න බැරි වෙන්න ව්‍යවස්තාව වෙනස් කරලා - මහින්ද
Homeප්‍රවෘත්ති

මට, ගෝටාට, බැසිල්ට, නාමල්ට ජනාධිපතිවරණයට එන්න බැරි වෙන්න ව්‍යවස්තාව වෙනස් කරලා - මහින්ද

PropellerAds

ජ නාධිපතිවරයා හා අගමැතිවරයා අතර ගැටුම අද උග්‍රවෙලා එහි ප්‍රථිපල තමයි මේ රටේ ජනතාව අගාධයට ඇදගෙන යාම. 19 වැනි සං‍ශෝධනයෙනුයි ඒක වුනේ . දැන් හැ...

පළාත් රාජ්‍ය සේවා ක්‍රමය අතිශය වැදගත් - උතුරු ආණ්ඩුකාර
පාලන මිලට ඖෂධ අලෙවි නොකරන වෙළෙද සැල් සොයා මෙහෙයුමක්
'බැඳුම්කර වංචාකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දෙනවා' - හැරිසන්
නාධිපතිවරයා හා අගමැතිවරයා අතර ගැටුම අද උග්‍රවෙලා එහි ප්‍රථිපල තමයි මේ රටේ ජනතාව අගාධයට ඇදගෙන යාම. 19 වැනි සං‍ශෝධනයෙනුයි ඒක වුනේ . දැන් හැමදෙනාම කියනවා 19 අසාර්ථකයි කියලා. අපි ඒක මුලදීම කිව්වා මේක ගෙනාවේ මහින්ද රජපක්ෂට නැවත ඉල්ලන්න බැරිවෙන්න.
බැසිල්ටයි, ගෝඨාභයටයි ඉල්ලන්න බැරිවෙන්න ද්විත්ව පුරවැසිකම අතුලත් කළා. නාමල්ට ඉල්ලන්න බැරිවෙන්න වයස වැඩිකලා.  පවුලක් අයින් කරන්න රටක ව්‍යවස්ථාව වෙනස්කරපු අවස්ථාවක් මේක යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා ඒ බව පැවසුවේ මුල්කිරිගල, තංගල්ල හා බෙලිඅත්ත ආසනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ හා කාන්තා බලමණ්ඩල පිහිටුවීමේ අවස්ථාවලට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා

‘රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඈත් කරන බව පෙන්වා ජනාධිපතිවරයාගේත් බලය අයින් කරලා. ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ. මැතිවරණ තියන්න බැහැ. ජනාධිපතිවරයා නිකම්ම නිකන් මිනිසෙක් බවට පත්කරලා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මේක කළේ. ඒකට ජනාධිපතිවරයා රැවටුනා. ඒක තුළින් ආණ්ඩුවටත් අද ප්‍රශ්ණයක් ඔවුන්ට අවශ්‍යදේ කරන්න බැහැ. ආණ්ඩුවේ අන්තිම කාලේ මේ දැන් දඩි බිඩි ගාලා ව්‍යවස්ථාව වෙනස්කරන්න හදනවා. සම්බන්දන්ලාත් ව්‍යවස්ථාව අල්ලාගෙන සිටියා. උතුරේ ජනතාවට කිසිම දෙයක් කළේ නැහැ. මම ඒ ප්‍රදේශවල හදපුවා විතරයි ඒ පළාත්වල තියෙන්නේ. මේකයි රටේ තත්ත්වය.

මේ ආණ්ඩුව දැන් නීති වෙනස්කරන්න හදනවා. විදේශ අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම්, නීතිපතිවරයාට හා විනිසුරුවරුන්ට ලිපි වලින් දන්වනවා පිටරට නියෝජිතයන් හමුවිය යුතුයි කියලා. මේකද, ස්වාධීන ලංකාව, ස්වාධීන අධිකරණය අපිට මෙම ලිපිවල පිටපතක් ලැබුණා. අපි කථානායකවරයාට පාර්ලිමේන්තුවේදී දැන්වුවා මේකට ඉඩතියන්න එපා කියලා. ඔහු ඒ වෙලාවෙම ඒක නැවැත්තුවා මේ රටේ නිදහස කියන්නේ මේකටද?

අද මිනිසුන්ට සැකයක් ඇවිත් තියෙනවා නිදහස් අධිකරණයක් ද තියෙන්නේ කියලා. සිල්රෙදි බෙදුවා කියා ලලිත් වීරතුංග මහතා හිරේගියා. විනිසුරුතුමන් පිළිගත්තා මෙයින් ලලිත් වීරතුංග මහතාට කිසිම වාසියක් නැතැයි කියා.  බුද්ධ ජයන්තිය සඳහා මහ නාහිමිවරුන්ගේ හා අනු නාහිමිවරුන්ගේ ඉල්ලීමටයි සිල්රෙදි බෙදන්න කටයුතු කලේ. හැබැයි වීරතුංග මහතා වැරදිකරු වී හිරේ ගියා, රජයේ ජ්‍යෙෂ්ඨම ලේකම්වරයා. හැබැහි මේ ආණ්ඩුවේ නිළධාරීනුත් එතුමාගේ පාඩම ඉගෙනගත යුතුයි. මේවගේ ඔවුන්ටත් අනාගතයේ වෙන්න පුළුවන්. අධිකරණය ස්වාධීන වෙනවා වගේම සාධාරණ විය යුතුයි කියන මතයේ අපි ඉන්නේ. මාස ගණන්, අවුරුදු ගණන් අපි CID, FCID වලට ගෙනිච්චා. තාමත් යනවා. ආණ්ඩුවකට පලිගන්න අධිකරණය පාවිච්චි කරන එක වැරදියි. ඒකටම FCID කියලා හොර ආයතනයක් හැදුවා. ඒකට බලතලත් දුන්නා. නියෝග දෙන්නේ අගමැතිවරයා එකට ජනතා විමුක්ති පෙරමුණේ නායකයත් ඉන්නවා. මේ අය තමයි නඩු අහලා තීන්දු කරලා FCID එකට පවරන්නේ පරීක්ෂණ සඳහා. වරදක් කරලා තියේනං පොලීසියට පුළුවන් නඩු දමන්න. CID එකට පුළුවන්.

මේ ආණ්ඩුව ඇවිත් අවුරුදු 4 ½ මොනවද කරලා තියෙන්නේ ඔබට රටට මොනවාද ලැබිලා තියෙන්නේ. අපි හදපුව නම් විකුණලා තියෙනවා. අපි සල්ලි වෙන්කරපුවා මේ කට්ටිය වැඩ පටන් අරගෙන ඉවර කරලා විකුණනවා ජනාධිපති විවෘත කරනවා අගමැති විකුණනවා. අද හම්බන්තොට වරායට තියෙන්නේ තරඟයක් ලෝකයේ අනෙක් රටවල් වරාය අවටින් ඉඩම් ගන්න සටන් කරනවා. ගුවන්තොටුපල රටවල් කීපයකින් ඉල්ලනවා එය ඉන්දියාවට විකුණන්නට ලෑස්තිකරලා තියෙන්නේ හම්බන්තොට ජ්‍යාත්‍යන්තර ක්‍රීඩා පිටිය විකුණනවලු, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව විකුණනවලු. එතකොට හම්බන්තොට සියලුදේ විකුණලා මේ කාට අයිති දේවල්ද ? මේ ඔබේ අනාගත පරපුරට අයිති දේවල් අවුරුදු 05කට බලයට ඇවිත් මේ භූමිය විකුනන්න මෙයාලට අයිතියක් නැහැ. අද විවිධ ගිවිසුම් ගහනවා. ආණ්ඩුවකට ගිවිසුම් ගැසිය හැකියි. අපිත් ගැහුවා යුද්ධ කාලයේ ආරක්ෂක ගිවිසුම් ඒ වසර 10ට මේ ආණ්ඩුව කිසිඳු කාලයකට සීමා නොවී ගිවිසුම් ගහනවා රට ජාතිය පාවාදෙන්න.

අපේ කාලයේ රටේ ආරක්ෂාව තිබුණා, දැන් එහෙම ද ? එක සහරාන් කෙනෙකුට පුළුවන් වුණා මුළු රටේම සෑම ජාතියක්ම බය කරන්න. කාගේ වරදින්ද? මේ අස්ථාවර ආණ්ඩුව නිසා. ජනාධිපතිවරයා අගමැතිවරයා එකට එක කරනවා. එතකොට කොහොමද රටක් පාලනය කරන්නේ අද තරුණයින්ට රක්ෂා නැහැ. මේ ආණ්ඩුව බලයට පත්වුණාට පසුව තරුණයින් 472,000 කට රක්ෂා නැතිවුණා. බෝම්බයෙන් පස්සේ තවත් ලක්ෂ දෙකකට පමණ රක්ෂා නැතිවුණා. මේ ආණ්ඩුවේ සියලු දෙනාම මේකට වගකිව යුතුයි. මම පරදිනකොටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව වැඩි ඡන්ද ලක්ෂයකට වැඩි ගණනකින් මාව දිනෙව්වා. අද රටේ තත්ත්වය වෙනස්. උතුරේ මතයත් වෙනස්වෙලා උතුරේ ඉන්නෙත් මිනිස්සුනේ. ඔවුන්ගේ නිෂ්පාදන වලට මිලක් නැහැ. විකුණගන්න තැනක් නැහැ. බොන්න වතුර නැහැ, පාසලේ ගුරුවරු නැහැ. ස්පිරිතාලෙත් එහෙමමයි. මේ තත්ත්වය වෙනස්විය යුතුයි. රටටම එකලෙස සංවර්ධනය ගලාගෙන යා යුතුය’

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මට, ගෝටාට, බැසිල්ට, නාමල්ට ජනාධිපතිවරණයට එන්න බැරි වෙන්න ව්‍යවස්තාව වෙනස් කරලා - මහින්ද
මට, ගෝටාට, බැසිල්ට, නාමල්ට ජනාධිපතිවරණයට එන්න බැරි වෙන්න ව්‍යවස්තාව වෙනස් කරලා - මහින්ද
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjUK-TCn8GGWiyeVkwbmKaGM6C3yg0N3Jh900n5YZU71zohPDP5IKfNd0aVROILUYtxF4aaZhLIBLYhtGcLt0iji09aYUUURG6jQ2D5DVon2EdEf3dfc_A1OKuaiHmjNPTTT11IpBiKoceA/s320/mahinda-3.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjUK-TCn8GGWiyeVkwbmKaGM6C3yg0N3Jh900n5YZU71zohPDP5IKfNd0aVROILUYtxF4aaZhLIBLYhtGcLt0iji09aYUUURG6jQ2D5DVon2EdEf3dfc_A1OKuaiHmjNPTTT11IpBiKoceA/s72-c/mahinda-3.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_204.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_204.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy