පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සදරුවන් මහතා ඊයේ (09) රාත්‍රී විදේශ ගත වීම සදහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමි...
පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සදරුවන් මහතා ඊයේ (09) රාත්‍රී විදේශ ගත වීම සදහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රදවා තබාගෙන ප්‍රශ්න කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් පොලිස් නිලධාරීවරයෙකු පැවසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභා වල සභාපතිවරුන් සංචාරයක් සදහා සිංගප්පූරුව බලා පිටත්ව යෑම සදහා ඊයේ (09) රාත්‍රී 8.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 306 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී මෙම පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මෙසේ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබුණි .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති පුත්තලම දිසා අධිකරණය මගින් විභාග වන නඩුවක් නිසා මෙම සභාපතිවරයාට මෙසේ ගුවන් ගමන් තහනමක් පනවා තීබී ඇත.
කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම සභාපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව , පුත්තලම අධිකරණය වෙත ගොස් මෙම ගැටලුව විසදා ගැනීම සදහා යොමු කර තිබේ.
(කටුනායක ටී.කේ.ජී.කපිල )
COMMENTS