ප්‍රංශයේ ප්‍රධාන පෙළේ දුම්රිය සමාගමක් වන ආර්.ඒ.ටී.පී. දුම්රිය සේවයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් ලබන සතියේදී දිවයිනට ළඟාවීමට නියමිතය. ඒ, කොළඹ...
ප්‍රංශයේ ප්‍රධාන පෙළේ දුම්රිය සමාගමක් වන ආර්.ඒ.ටී.පී. දුම්රිය සේවයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් ලබන සතියේදී දිවයිනට ළඟාවීමට නියමිතය.
ඒ, කොළඹ සහ ඊට යාබද තදාසන්න ප‍්‍රදේශ එක් කරමින් කාර්යක්ෂම නව දුම්රිය සේවයක් ආරම්භ කිරීමේ හැකියාව සොයාබැලීම සඳහා මෙරට බලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමටයි.
පැරීසියේ උමං දුම්රිය සේවය යුරෝපයේ දෙවැනි හොඳම දුම්රිය සේවාව ලෙස සැළකෙන අතර පැරිස් නගරය කේන්ද්‍ර කොට ලක්ෂ 40ක පමණ ජනතාව දිනකට පොළොව යටින් ගමන් කරයි.
ඒ සඳහා සැකසු පැරීස් උමං දුම්රිය පද්ධතිය හා ඉන් පිටත කිලෝමීටර් 245ක වපසරියකට අයත් වෙයි.
ගමනාන්ත 02ක් අතර ධාවනය වන එකිනෙකට වෙනස් දුම්රිය සේවා 16ක් පැරිසියේ ඇති අතර ඒවාහි උමං දුම්රිය ස්ථාන 300ක් ද දුම්රිය මංසන්ධි 62ක් ද පවතී.
උදේ හා සවස විනාඩි 02කට වරක් දුම්රියක් ධාවනය වෙයි.
දෛනික අලුයම 05ට ඇරඹෙන සේවාව පසුදා අලුයම 02ට අවසන් වේ.
පැරීසියේ උමං දුම්රිය සේවාව ආර්ඒටිපී යන නමින් හඳුන්වන ප‍්‍රංශ රාජ්‍ය ආයතනයෙන් පාලනය වේ. උමං දුම්රිය, ට‍්‍රෑම් සේවාව හා මහජන බස් සේවා ආදි එම ආයතනයෙන් පාලනය වේ.
නවීන තාක්ෂණය, ආරක්ෂාව,වේගය, සැප පහසුව, කාලය ආදී කරුණු වලින් එම ආයතනය ලෝක ගමනාගමනයේ නමක් දිනා සිටියි.
එංගලන්තය, ස්විට්සර්ලන්තය, ඉතාලිය, ඩුබායි, ඉන්දියාව, චීනය, දකුණු කොරියාව, හොංකොං, ආර්ජන්ටිනාව, බ‍්‍රසීලය, ඇමෙරිකාව, ඇල්ජීරියාව, මොරොක්කෝව ආදි රටවල දුම්රිය සේවා ආර්ඒටීපි ආයතනය විසින් ස්ථාපිත කොට තිබේ.
මාස කිහිපයකට පෙර විදේශ ඇමති මංගල සමරවීර මහතා, නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා, ප‍්‍රංශ තානාපති තිලක් රණවිරාජා යන මහත්වරුන් හා එම සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් පැවැත්විණි.
ඒ අනුව ලබන සතියේදී දිවයිනට පැමිණෙන එම සමාගමේ නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ දුම්රිය සාමාන්‍යධිකාරිවරයා, බස්නාහිර පළාත් මෙගා පොලිස් සැලසුම් ආයතනයේ සභාපති අජිත් ද කොස්තා මහතා හා වෙනත් උසස් නිලධාරීන් හමුවීමට නියමිතය.
COMMENTS