අදත් මේ පොලීසිය පාලනය කරන්නේ අරලියගහ මන්දිරයෙන් සාගල සහ අගමැතිතුමා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක ...
අදත් මේ පොලීසිය පාලනය කරන්නේ අරලියගහ මන්දිරයෙන් සාගල සහ අගමැතිතුමා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසීය.
ඒ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“වහාම මේ මිනිහව අත්අඩංගුවට අරගෙන කියලා හිරේ දාලා පරීක්ෂණ කරන්නයි තිබ්බේ. හැබැයි අද වෙනතුරු වැඩ තහනම් කරලවත් නැහැ. නාලක සිල්වා නියෝජ්‍ය පොලිස්පතිවරයා හයිද්‍රාබාද් විශ්වවිද්‍යාලයෙන් උපාධියක් තියෙනවා කියලා දීපු සහතික බොරු කියලා දැන් ලංකාවම දන්නවා. මිනිහා DIG වෙන්න ඉදිරිපත් කරපු ලියුම බොරු. ඒකටත් මිනිහව හිරේ දාන්න ඕනේ. හැබැයි ඒ මොකක්වත් නැහැ මේ සියල්ල තියෙද්දී පොලිස්පතිතුමා තමන්ගේ ආදරණිය නියෝජ්‍ය පොලිස්පතිතුමා එක්ක බෝධි පුජාවක් තියන්න යනවා කැලණිය පන්සලට. බෝධිපුජාවෙන් පස්සේ ගිය ගෙදරදී බීපු දේවල් පවා අපි දන්නවා. ඒ නිසා පොලිස්පතිතුමාට කිසි දෙයක් කියලා වැඩක් නැහැ. අර පාසලේ ගිහිල්ලා හැසිරිච්ච ආකාරය දිහා බැලුවම පේනවා මොනවා හරි පානය කරලා කියලා. කොකේන් පොඩි උගුරක් දෙකක් ගැහුවොත් ඔය විදියට තමයි හැසිරෙන්නේ. මට හිතෙනවා තියෙන මානසික පිඩනයට එහෙම වෙලාද කියලා. රංජිත් මද්දුමබණ්ඩාර හැසිරිච්ච විදිය, සාගල රත්නායකගේ නිහඬතාවය සහ අගමැතිගේ ඈලිමෑලි ගතිය උඩ පේනවා මේක පිටුපස රනිල් විසින් සංවිධානය කරන කුමන්ත්‍රණයක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. අදත් මේ පොලීසිය පාලනය කරන්නේ අරලියගහ මන්දිරයෙන් සාගල සහ අගමැතිතුමා. ඒ නිසා අපි ජනාධිපතිවරයාට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාද වෙනුවෙන් රට වෙනුවෙන්, රාජ්‍ය නායකයාගේ ජීවිතය වෙනුවෙන් නීතිය හා සාමය අමාත්‍යංශය වහාම ඔබ යටතට ගන්න කියලයි මම කියන්නේ.”
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මෙසේ අදහස් දැක්විය.
“අපි ජනාධිපතිතුමාට පෞද්ගලිකවත් කිව්වා, මාධ්‍ය සාකච්ඡාව කියනවා එතුමා වඩ වඩාත් ප්‍රවේශම් විය යුතුයි එතුමාගේ ආරක්ෂාව ගැන. එතුමාට තමයි 19 සංශෝධනය යටතේ බලය තියෙන්නේ අමාත්යාංශය විෂය වෙනස් කිරීමට. ඒ නිසා එක්තරා දිස්ත්‍රික්කයකින් පමණක් පත් වෙච්ච කෙනෙක්ට පොලිසිය බාර දෙන්නෙ නැතුව හදිසි කටයුත්තක් සේ සඳහා පොලිසිය හා ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීම වඩා යෝග්‍යයි කියල අපි යෝජනා කරනවා. ජනාධිපතිතුමාගේ ඝාතන තැතේදී මුනිවත රැක්කත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය ශ්‍රියානි අරුනකොට ඉතාම ඉක්මණින් ආණ්ඩුවෙන් එළියට එන්න එහෙම නැත්තම් වැඩි ඈතක් නැහැ වැඩක් නෑ ඒ ආසන වල ඉන්න අයට තමන්ගේ ගම්බිම්වලටවත් එන්න නොදෙන.”
COMMENTS