2010 වර්ෂයේ මාර්තු මස සිට මාස 20 ක කාලයක් වායු විමෝචන සහතික පත‍්‍ර වලට අය කර ගන්නා මුදල් වංචනිකව සමාගම් 02 ක් ලබා ගෙන ඇති බවත්, ඊට වක‍්‍ර...
2010 වර්ෂයේ මාර්තු මස සිට මාස 20 ක කාලයක් වායු විමෝචන සහතික පත‍්‍ර වලට අය කර ගන්නා මුදල් වංචනිකව සමාගම් 02 ක් ලබා ගෙන ඇති බවත්, ඊට වක‍්‍රකාර ආකාරයකින් එවකට පරිසර අමාත්‍යවරයාව සිටී පාඨලි චම්පික රණවක අමාත්‍යවරයා සම්බන්ධ යැයි චෝදනා කරමින්, පසුගිය 04 වෙනි දින ශී‍්‍ර ලංකා ස්වයං රැකියා වෘත්තිකයිගේ ත‍්‍රිරෝද රථ සංගමයේ නිලධාරියෙකු ලෙස පෙනි සිටින සුනිල් ජයවර්ධන නැමැති පුද්ගලයෙකු විසින් අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ගොනු කර ඇති පැමිණිල්ල සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව මහරගම නාගරික මන්ත්‍රී, පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ධනුෂ්ක රාමනායක මහතා පවසයි.
එවකට පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත්තේ පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා බව සුනිල් ජයවර්ධන නැමැත්තා පැමිණිල්ලේ සඳහන් කර තිබීමම එහි සාවද්‍ය බව අනාවරණය කෙරෙන්නක් බව පෙන්වා දෙන ධනුෂ්ක රාමනායක මහතා, 2010 සහ 2011 වර්ෂ වලදී චම්පික රණවක අමාත්‍යවරයා පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු නොකළ බවත්, එම වර්ෂවලදී විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බවත් පෙන්වා දෙයි.
ධනුෂ්ක රාමනායක මහතා මේ බව ප‍්‍රකාශ කර සිටියේ, ශී‍්‍ර ලංකා ස්වයං රැකියා වෘත්තිකයිගේ ත‍්‍රිරෝද රථ සංගමයේ සුනිල් ජයවර්ධන නැමැත්තෙකු විසින් අල්ලස් හෝ ¥ෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව වෙත අමාත්‍ය චම්පික රණවක මැතිතුමාට එරෙහිව කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් අද(06)එම කොමිසම වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ධනුෂ්ක රාමනායක මහතා,
අද දින අප විසින් මෙම සාවද්‍ය පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හා දුෂණ චෝදනා විමර්ෂණ කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා. පැමිණිල්ලේ සඳහන් කාලය තුළ පාඨලී චම්පික රණවක මහතා පරිසර අමාත්‍යවරයා නොවෙයි. එතුමන් එම කාලසීමාවේදී විදුලිබල හා බලශක්කි අමාත්‍යවරයා ලෙසයි කටයුතු කළේ.
පාඨලී චම්පික අමාත්‍යවරයාගේ ඉල්ලීම හා මැදිහත්වීම මත වායු විමෝචනය සම්බන්ධයෙන් වන ප‍්‍රතිපත්තිය සැකසීම පමණයි සිදුවුණේ. එය ක‍්‍රියාත්මක කිරිමේ බලධරයා බවට පත්වුණේ එවකට ප‍්‍රවාහන අමාත්‍යවරයා වු ඩලස් අලහප්පෙරුම මහතායි. ප‍්‍රවාහන අමාත්‍යංශය තමයි වායු විමෝචනය සම්බන්ධයෙන් වන ටෙන්ඩර් ක‍්‍රියාදාමය පෞද්ගලික ආයතන දෙකකට ලබා දී නිර්ණායකයන් ක‍්‍රියාත්මක කළේ. යම් ආකාරයකින් ඔවුන්ගේ පැමිණිල්ලේ සත්‍යයක් තිබේනවා නම් එහි වග උත්තරකරුවන් වන්නේ එවකට පරිසර අමාත්‍ය ධුරය දැරූ අයයි. ඒ වගේම පරිසර අමාත්‍යංශයේ මැදිහත්වීමක් තිබේනම් 2010 පසු පරිසර අමාත්‍යවරයාව සිටි අනුර ප‍්‍රියදර්ශන අමාත්‍යවරයායි.
ඒ අනුව මෙය අල්ලස් හා දුෂණ පනතට අනුව සිදුවී ඇත්තේ සාපරාධී කටයුත්තක්. අල්ලස් හා දුෂණ චෝදනා විමර්ෂණ කොමිසමට වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් නිලධාරින් මෙන්ම රටේ ජනතාව නොමග යැවිම පනතේ නිතියට අනුව දඩුවම් ලැබිය හැකි කරුණක්. සුනිල් ජයවර්ධන නැමැත්තා කාගේ හෝ අවශ්‍යතාවකට මේ කටයුත්ත කළාදැයි අපි දන්නේ නෑ. නමුත් අදාල පුද්ගලයන් සිදු කර ඇත්තේ පාඨලි චම්පික රණවක අමාත්‍යවරයාට ද්වේශ සහගත ප‍්‍රකාශයක්. ඒ වගේම සාවද්‍ය ප‍්‍රකාශයක්. එබැවින් අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව ඒ සදහා වන නිවැරදි ක‍්‍රියාමාර්ග ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. එසේ නොමැති වුවහොත් රටේ නිර්දෝෂි ඕනෑම අයෙකුට රටේ තියෙන නිතීයට යටත් නොවි වැරදි ප‍්‍රකාශ කොට අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිසමට විත් පැමිණිලි දමා මාධ්‍යය ඉදිරියට විත් ජනතාව නොමග යවමින් කටයුතු කරන්න හැකියාව තිබෙනවා. කවරෙකු හෝ වරදක්, දුෂණයක් කර ඇත්නම් රටේ තිබෙන තොරතුරු දැන ගැනිමේ පනත මගින් නිවැරදිව තොරතුරු ලබාගෙන ඒ අනුව කටයුතු කරන මෙන් අපි ඉල්ලා සිටිනවා.
එහිදී ඒ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් සිදු කිරීමටත්, අසත්‍ය පැමිණිලි සිදු කරන්නන්ට එරෙහිව නීතිමය කටයුතු සිදුකරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් භාරදීමද සිදු කෙරිණ. මෙම අවස්ථාවට නීතීඥ ටියුඩර් පෙරේරා මහාතාද එක් වුහ.
COMMENTS