දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“හන්දියක් හන්දියක් ගානේ ආගමික සිද්ධස්ථාන හදලා සදාචාරය හා විනය හදන්න බැහැ“ - රෙජිනෝල්ඩ්
Homeප්‍රවෘත්ති

“හන්දියක් හන්දියක් ගානේ ආගමික සිද්ධස්ථාන හදලා සදාචාරය හා විනය හදන්න බැහැ“ - රෙජිනෝල්ඩ්

PropellerAds

අතීතයේ සිට උතුරු පළාතේ තිබූ කර්මාන්ත වැඩි ප‍්‍රමාණයක් අද වන විට වැසී ගොස් ඇති බවත් උතුරු පළාතේ තරුණ තරුණියන් සඳහා රැකියා උත්පාදන වැඩ පිළිව...

මාර්තු මස අවසන් වන විට ඖෂධ හිඟය විසදන බව රාජිත කියයි
පොලිස් නිලධාරියාට පහරදුන් මන්ත්‍රී චමින්ද විජේසිරි ආගිය අතක් නැහැ - රියැදුරු අත්අඩංගුවට
"ලෝකේ කොයි කොනක හිටියත් අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනල්ලා දැඩි දඩුවම් ලබාදිය යුතුයි" - රවී
“හන්දියක් හන්දියක් ගානේ ආගමික සිද්ධස්ථාන හදලා සදාචාරය හා විනය හදන්න බැහැ“ - රෙජිනෝල්ඩ්

අතීතයේ සිට උතුරු පළාතේ තිබූ කර්මාන්ත වැඩි ප‍්‍රමාණයක් අද වන විට වැසී ගොස් ඇති බවත් උතුරු පළාතේ තරුණ තරුණියන් සඳහා රැකියා උත්පාදන වැඩ පිළිවෙලක් නොමැති බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

“ලංකාව වටේටම මුහුද තිබුණත් ඉන්දියාවෙන් ලූණු ගෙන්වන තත්ත්වයක් අද උදා වෙලා. මේ නිසා ලූණු ආශ‍්‍රිත නිෂ්පාදන කරන කම්හල් ලෙහෙසියෙන්ම ආරම්භ කරන්න පුලුවන් කම තිබුණත් කුමන හේතුවක් නිසා හෝ අද ඒවා කඩා වැටිලා. මේ නිසා උතුරේ තරුණ ප‍්‍රශ්නයට මූලිකම හේතුව විරැකියාව” යැයි හෙතෙම සඳහන් කළේය.

උතුරු පළාතේ යාපනය දිස්ත‍්‍රික්කයේ සර්ව ආගමික සංවිධාන සහ ස්වේච්ඡා සංවිධාන හා සමාජ සේවා සංවිධාන යාපනය ආණ්ඩුකාර කාර්යාලයට කැඳවා ඔවුන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරයා මෙසේ පැවසීය.

“අද වන විට උතුරු පළාතේ තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය වලට නැඹුරුවන තත්ත්වයේ වැඩි වීමක් පෙන්නුම් කරනවා. ඒ වුණාට ඒ තත්ත්වය මැඩ පවත්වා ගන්න දෙමාපියන්ගේ මැදිහත්වීමෙන් පුලුවන් කමක් තිබෙනවා. දරුවන්ගේ කුඩා කාලය දහම් අධ්‍යාපනය සඳහා නැඹුරු කළහම මේ තත්ත්වය බොහෝ දුරට අවම කර ගන්න පුලුවන්. ඒ නිසා මා නැවත නැවතත් කියා සිටින්නේ ද්‍රවිඩ දහම් අධ්‍යාපනය දියුණු කිරීම සඳහා විධිමත් වැඩ පිළිවෙලක් සකසන ලෙසයි. ඒ සඳහා හින්දු ආගමික අමාත්‍යාංශය, හින්දු සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තිබෙනවා. හින්දු ආගමික අමාත්‍යාංශය මගින් උතුරු පළාතේ හින්දු ආගමික දහම් පාසැල් 370ක් පමණ පවත්වාගෙන යන අතර ඒ සඳහා නිසි මග පෙන්වීමක් කළ යුතුව තිබෙනවා. හින්දු සංස්කෘතියට අනුව සිකුරාදා සවස සහ ඉරිදා උදය වරුව දහම් අධ්‍යාපන කටයුතු සඳහා නිදහස් කර තිබෙනවා. නමුත් මේ දිනවල පෞද්ගලික උපකාරක පන්ති තිබෙන නිසා යම් බාධාවක් තිබෙන බවට මෙම රැස්වීමේදී හින්දු ආගමික නායකයන් මා හට පැවසුවා. ඒ සඳහා ගත යුතු හොඳම තීරණය ගත හැක්කේ උතුරු පළාත් සභාවටයි. අනෙකුත් පළාත් සභා ඉරිදා දිනවල පෞද්ගලික උපකාරක පන්ති නැවැත්වීමේ යෝජනා සම්මත කර ක‍්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ වගේ උතුරු පළාත් සභාවටත් එවැනි යෝජනාවක් ගෙනැවිත් සම්මත කර ගත හැකියි. එවැනි තත්ත්වයක් යටතේ හින්දු ආගමික කටයුතු සහ දහම් අධ්‍යාපනය වැඩි දියුණු කරන්න පුලුවන්.

“හන්දියක් හන්දියක් ගානේ ආගමික සිද්ධස්ථාන ගොඩ නගලා දරුවන්ගේ සදාචාරය හා විනය හදන්න බැහැ. ඒ සඳහා දරුවන්ට උපදේශනය අවශ්‍යයි. ඒ උපදේශනය දෙන්න හොඳම තැන පාසැල සහ ගමේ කෝවිලයි. හැම ගමකම කෝවිලක් පවතින අතර එම කෝවිලට දරුවන්ගේ පැමිණීම සම්බන්ධ කරලා දහම් අධ්‍යාපනය ලබා දෙන්න පුලුවන්. උතුරේ බහුල වශයෙන් කිරි ගවයින් සහ කිරි ගොවීන් සිටිනවා. ඒ වුණාට කිරි වලට සාධාරණ මිලක් නැහැ. ස්වයං රැකියා වැඩ පිළිවෙලක් ආරම්භ කර එම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා දී තරුණ තරුණියන්ට ඒ මගින්ද රැකියා ලබා දීමට හැකි” බවද රෙජිනෝල්ඞ් කුරේ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම රැස්වීමට සහභාගි වූ නාග විහාරාධිපති මීගහජදුරේ විමලකිත්ති හිමියන් මෙසේ පැවසීය.
”බෞද්ධාගමික දහම් පාසැල් මගින් දරුවන්ට හොඳ පුරුදු, සදාචාරය, හැදියාව උගන්වනවා. ඒක ජීවිතයට හොඳ පිටුවහලක් වෙනවා. ඒ තත්ත්වය සෑම ආගමික මධ්‍යස්ථානයක් මගින්ම ලබා දෙනවා නම් හොඳයි. ආගම තුළින් හැදියාව පුරුදු කරන්න පුලුවන්. අද සෑම ආගමික සිද්ධස්ථානයකම ආගමික අධ්‍යාපන සේවා පවත්වා ගෙන යනවා. ඒ මගින් සමාජ විරෝධී වැඩ පිළිවෙලවල් මැඩ පවත්නවන්න පුලුවන්. යාපනය නාග විහාරයේත් දමිල බෞද්ධ දහම් පාසැලක් ආරම්භ කරලා බණ භාවනා වැඩ පිළිවෙලක් පවත්වා ගෙන ගියා. නමුත් අද වන විට කුමන හේතුවක් නිසා හෝ එම දහම් පාසැල වැසී ගොසින් තිබෙනවා. එය නැවත ආරම්භ කිරීම සඳහා ආණ්ඩුකාරතුමාගේ මැදිහත් වීම අවශ්‍ය බව මා මෙහිදී සිහිපත් කර සිටිනවා.“

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “හන්දියක් හන්දියක් ගානේ ආගමික සිද්ධස්ථාන හදලා සදාචාරය හා විනය හදන්න බැහැ“ - රෙජිනෝල්ඩ්
“හන්දියක් හන්දියක් ගානේ ආගමික සිද්ධස්ථාන හදලා සදාචාරය හා විනය හදන්න බැහැ“ - රෙජිනෝල්ඩ්
http://am.lk/media/k2/items/cache/3fae2c72daf51cc1a1cdd4932887b8f3_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy