පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිපතිවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියාට පහරදුන් බවට චෝදනා එල්ලව ඇති එක්සත් ජාතික පක්ෂ පාර්ලි...
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිපතිවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියාට පහරදුන් බවට චෝදනා එල්ලව ඇති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ප්‍රදේශය හැරගොස් ඇති බව අප වාර්තාකරු පවසයි.
ඔහු සදහන් කලේ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියා ද ප්‍රදේශය හැරගොස් ඇති බව පොලිසිය පැවසූ බවයි.
සිද්ධිය සිදු වන අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිපතිවරයාගේ රථයේ යතුර ද පැහැරගෙන පසුව ලබාදී ඇති බව අප වාර්තාකරු සදහන් කළේය.
සිද්ධිය පිළිබද සම්පුර්ණ විස්තරය කියවන්න
බදුල්ලේ එජාප මන්ත්‍රී පොලිස් කොස්තාපල්ට පහරදීලා
කෙසේ වෙතත් දියතලාව මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මන්ත්‍රීවරයාගේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය කතානායකවරයාටද දැනුම් දී තිබේ.
සිය වාහනය නවත්වා පදිකයින්ට පාර මාරු වීමට ඉඩ සැලැස්වූ බණ්ඩාරවෙල පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් නිලධාරියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි බැන වැදීමේ සිද්ධියක්ද මිට හය මසකට පෙර වාර්තා වුනි.
බණ්ඩාරවෙල - විරාජ් ප්‍රනාන්දු
COMMENTS