දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ලෝකේ කොයි කොනක හිටියත් අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනල්ලා දැඩි දඩුවම් ලබාදිය යුතුයි" - රවී
Homeප්‍රවෘත්ති

"ලෝකේ කොයි කොනක හිටියත් අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනල්ලා දැඩි දඩුවම් ලබාදිය යුතුයි" - රවී

PropellerAds

"අපේ තරුණ පරපුර කුඩු උවදුරට ඇදලදාලා, ඔවුන්ගේ වගේම රටේ අනාගතය විනාශ කරන මෙවැනි අපරාධකරුවන්ට රැකවරණයක් දෙන්නේ කව්ද කියලා අපි සොයා බැලිය...

කරූ රනිල්ට බෑ කියයි- එජාප නායකයන් ළඟදීම ගන්න යන වැදගත් තීරණයක් එළියට
රාජ්‍ය ආයතනවල අඩුපාඩු හොයන්න කඩා පනින බලකායක් !
චම්පිකගේ හොර රියදුරා බොරැල්ල පොලිසියට ගෙනගිය පුද්ගලයා සාක්‍ෂි දෙයි !
"අපේ තරුණ පරපුර කුඩු උවදුරට ඇදලදාලා, ඔවුන්ගේ වගේම රටේ අනාගතය විනාශ කරන මෙවැනි අපරාධකරුවන්ට රැකවරණයක් දෙන්නේ කව්ද කියලා අපි සොයා බැලිය යුතුමයි. අපේ හෙට දින රජවන අහිංසක තරුණ පිරිස් විනාශ කරන මෙවැනි ව්‍යාපාර මම හෙලාදකිනවා. මම දේශපාලනය ආරම්භ කල දවසේ ඉදලා මෙම කුඩු ව්‍යාපාරය තුරන් කිරිම පිළිබදව අවධානය යොමුකළා. පසුගිය ඡ්න්ද සමයේ මෙවැනි ප්‍රශ්න නිසා අපිට වෙඩි තියලා, විශාල ගැටළු ඇති කළා. අපේ චරිත ඝාතනය කළා. ඒ නිසා කිසිම සමාවක් නැහැ, ලෝකේ කොයි කොනක හිටියත්, මෙවැනි අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනල්ලා, දැඩි දඩුවම් ලබාදිය යුතුයි. ජනාධිපතිතුමා ඇතුළු අපේ ආණ්ඩුව මෙවැනි පුද්ගලයින්ට කිසිසේත්ම රැකවරණ සපයන්නේ නැති බවට මම ප්‍රකාශ කරනවා" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
 
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, අද (11) පෙරවරුවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර, අසාද් සාලි මහතා සමග පැවති නිල සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය විසින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි. ජාතික මට්ටමෙන් පළාත්සභාවල තිබෙන ප්‍රශ්න නිරාකරණය කිරීම සහ ඒ පිළිබදව  විදුලිබල ක්‍ෂේත්‍රය ක්‍රියාත්මක වියයුතු ආකාරය සොයාබැලීම පිණිස මෙම නිල හමුව පැවැත්විණි.
 
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"ජාතික මට්ටමෙන් පළාත් සභාවල තිබෙන ප්‍රශ්න නිරාකරණය කරන්න, විදුලිබල ක්‍ෂේත්‍රය පැත්තෙන් අපි ක්‍රියාත්මක වියයුතු ආකාරය සොයා බලන්නයි අද මේ ආවේ. ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවන්න, ඔවුන්ගේ තිබෙන ප්‍රශ්න විසදන්න, ගැටළු අඩු කරන්න, පීඩනය අඩු කරන්න මම ක්‍රමෝපායන් හොයනවා. රජයට ලබාදෙන මුදලින් 25‍% ක් පමණ විවිධ දූෂණ වලට යටවෙනවා කියලා විගනකාධිපතිවරයා පසුගියදා පැවසුවා. මෙම ප්‍රකාශය මම කළේ 2000 දි. මෙවැනි ප්‍රශ්න තිබෙනවා. විගනකාධිපතිරයා එවැනි ප්‍රකාශයක් කිරීම ගැන ප්‍රශංසා කරනවා. කතා කරනවා වගේම ඒ ගැටළුව සදහා ක්‍රියාත්මකවීමත් අත්‍යාවශ්‍යයි. ප්‍රශ්න ඇද ඇද යන්න නෙමෙයි, ඒ ප්‍රශ්න ක්ෂණිකව විසදිය යුතුයි. ගන්න තීන්දු ක්ෂණිකව ගැනීමෙන් තිබෙන ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා. ඒ සදහා ප්‍රශ්න තිබෙන තැන, දූෂණ තිබෙන තැන හදුනාගෙන ක්‍රියාත්මක වියයුතුයි. ජනතාව අතර මතය තමයි හැමතැනම දූෂණය කියලා. ඒ නිසා වෙහෙසී වැඩ කරන කෙනාටත් ගැටළු ඇති වෙනවා. ඒ නිසා ප්‍රශ්න තියෙන තැන හරියටම සොයාගත යුතුයි."
"මේ සදහා මම අමාත්‍යාංශ මට්ටමෙන් හොඳ විසදුමකට ආවා. අමාත්‍යාංශවල ප්‍රශ්න ඇතිවන්නේ යමක් ක්‍රියාත්මක කලාට පසුවයි. මම මාධ්‍යයට සහ ප්‍රභූ පිරිසකට විවෘත කරලා තිබෙනවා මගේ අමාත්‍යාංශයේ  යම් දූෂණයක්, වංචාවක් හෝ අක්‍රමිකතාවක් සිදුවන්නේනම්, ඒවා සිදුවීමට ප්‍රථම ඒ ගැන සොයා බලලා ක්‍රියාත්මක වෙන්න කියලා. යමක් සිදුවූවාට පසුව විසඳනවාට වැඩියෙන්, වෙන්න කළින් නවත්වන එක වැදගත්. අනිත් අමාත්‍යාංශත් මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපිට ව්‍යවස්ථාවක් අවශයයි. නමුත් අපිට ව්‍යවස්ථාව බලෙන් ඉදිරිපත් කරන්න බැහැ. ඒක ජනතාව තුලින්, ජනතා බලාපොරොත්තු, අභිලාශ මුදුන්පත් වන ආකාරයෙන් මෙම ව්‍යවස්ථාව ඉදිරිපත් කළ යුතුයි. සිංහල, දෙමළ, බර්ගර්, මාලේ යන සියළු ජාතීන්ට මේ මගේ රට කියලා නිදහසේ ජීවත්වෙන්න පුළුවන් ව්‍යවස්ථාවක් ඇති කළ යුතුයි. එහි අන්තර්ගතයක් වශයෙන් රටේ ඒකීයභාවයත්, බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය සහ සෙසු ආගම්වලට සම තැන්දිම අත්‍යාවශයයි. අන්තවාදීන් විසින් ජනාධිපති ඇතුළු ආණ්ඩුවට ප්‍රශ්න ඇති කරන්න අද මෙය ලේබලයක් වශයෙන් යොදාගෙන තිබෙනවා."යැයි පැවසීය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29340,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ලෝකේ කොයි කොනක හිටියත් අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනල්ලා දැඩි දඩුවම් ලබාදිය යුතුයි" - රවී
"ලෝකේ කොයි කොනක හිටියත් අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනල්ලා දැඩි දඩුවම් ලබාදිය යුතුයි" - රවී
http://am.lk/media/k2/items/cache/d1a142d8686b67e7cf40b5ad74c7f4b6_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_224.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_224.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy