දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාර්තු මස අවසන් වන විට ඖෂධ හිඟය විසදන බව රාජිත කියයි
Homeප්‍රවෘත්ති

මාර්තු මස අවසන් වන විට ඖෂධ හිඟය විසදන බව රාජිත කියයි

PropellerAds

වත්මන් රජයේ ඇතැම් සොරකම් තිබුනත් පසුගිය රජය මෙන් මිනී මැරුම්, පැහැරගැනීම් සිදු කර නොමැති බව සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේ...

චීන පොහොර නැව සිංගප්පූරුවට, ඩොලර් මිලියන 8ක වන්දි ඉල්ලයි
කොළඹ තියෙන ඉඩමක් විකුණලා හරි අර්ථසාධක ගෙවනවා - මහින්දානන්ද වතු කම්කරුවන්ට කියයි (VIDEO)
පාකිස්ථානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ දේහය අද මෙරටට
මාර්තු මස අවසන් වන විට ඖෂධ හිඟය විසදන බව රාජිත කියයි

වත්මන් රජයේ ඇතැම් සොරකම් තිබුනත් පසුගිය රජය මෙන් මිනී මැරුම්, පැහැරගැනීම් සිදු කර නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රාජිත සේනාරත්න පදනමේ පානදුර ආසනයේ තරුණ බල මණ්ඩලය පිහිටුවීමේ උත්සවයට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

රාජිත සේනාරත්න මහතා සහ රාජිත සේනාරත්න පදනමේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පානදුර නගර ශාලාවේ දී මෙම උත්සවය පැවැත්විනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“රටේ තරුණ පිරිස බලාපොරොත්තු සමුදායක් මැද ජීවත් වෙනවා. ඇතැම් තරුණ තරුණියන් බලාපොරොත්තු විරහිතව ජීවත් වෙනවා. නමුත් එවැනි තරුණ තරුණියන්ට සෞඛ්‍ය සේවයට අවතීර්ණ වීමේ දොර මම විවෘත කර තිබෙනවා. සාමාන්‍ය ජනතාවට නොමිලේ ස්ටෙන්ස්, අක්ෂි කාච ලබාදීම තුලින් ජනතා සේවාවක් ඉටු කර තිබෙනවා. මැරෙන්න සිටින සෑම පුරවැසියෙකුටම ජිවිතය ලබාදෙනවා. මිනිස් ජීවිත වල වටිනාකම මනුෂ්‍යකමින් බැලිය යුතුයි. නමුත් සමහරු හිතනවා ඇති නොමිලේ ස්ටෙන්ස්, අක්ෂි කාච ලබාදීමත් පසුගිය රජයේ ව්‍යාපෘතියක් කියලා. නමුත් අපේ රජයේ ප්‍රචාරය මදි. මාධ්‍යයත් හොයන්නේ වැරදි විතරයි. ශ්‍රව්‍යාබාධිත දරුවන් වෙනුවෙන් විශේෂ සැත්කමක් රජයේ රෝහල්වල ආරම්භ කර තිබෙනවා. විදේශීය රටක එවැනි සැත්කමක් සිදු කිරීමට වැයවන මුදල රුපියල් ලක්ෂ 36 ක්. මේ වනවිට දරුවන් 100 කට වැඩි පිරිසක් එම සැත්කමට ලක් කර තිබෙනවා. දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය සමයේ මට ආත්ම ශක්තියක් ඇති වූයේ දරුවන්ගේ ඉල්ලීමකටයි. තැලසීමියා රෝගීන් වෙනුවෙන් මහනුවර මහ රෝහලේ ඉදිකෙරෙන වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නතර වූ බව ඔවුන් මට දැනුම් දුන්නා. නමුත් මම එම දරුවන්ට ප්‍රකාශ කළා තැලසීමියා වාට්ටු සංකීර්ණය ඉදිකර අප්‍රේල් මාසයේ දී විවෘත කරන බව. මම යළි රජය ලබාගැනීමේ සටන ආරම්භ කිරිමට ආත්ම ශක්තිය ලැබුනේ එම දරුවන්ගේ ඉල්ලීම මතයි. එදින සිට අරලියගහ මන්දිරය සටන් මධ්‍යස්ථානය කර ගනිමින් රජය යළි ලබාගැනීමේ අරගලය ආරම්භ කළා. අපේ රජයේ හොරකම් තිබුනත් මිනී මැරුම් නැහැ. නමුත් පසුගිය රජයේ මිනීමැරුම්, සොරකම් තිබුනා."

"පානදුර ප්‍ර දේශයේ දෙවන ජාතික රෝහල ඉදිකිරීමට මම පියවර ගන්නවා. රුපියල් මිලියන 22000 ක් ඒ සදහා වැය කරනවා. පානදුර කේතුමතී රෝහල සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 14000 ක් වැය කරනවා. රෝහල් ගණනාවක් දිවයින පුරා සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් ඖෂධ හිඟයක් මතු වුනා. එම ඖෂධ හිඟය මගහරවා ගැනීම සදහා අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා. පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ අවස්ථා 03 ක දී ගුවන් මගින් ලංකාවට ගෙනවිත් තිබෙනවා. මාර්තු මාසය අවසන් වන විට ඖෂධ හිඟය අවසන් කිරීම මගේ බලාපොරොත්තුවයි. පසුගිය වසර 03 තුල මම කිසිදු ඖෂධයක් හිඟයකින් තොරව ලබාදුන්නා. ඕනෑම දෙයක් වනසන්න ගත වන්නේ කෙටි කාලයයි. නමුත් එය යළි සැකසීමට දීර්ඝ කාලයක් ගත වෙනවා. දුප්පත් ජනතාව වෙනුවෙන් මේ වන විට ඖෂධ වර්ග 73 ක මිල අඩු කර තිබෙනවා. තවත් ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමට පියවර ගන්නවා. එවිට ඖෂධ වර්ග 100 ක මිල අඩු කිරීම නිසා වෙළෙදනාමයෙන් යුත් ඖෂධ වර්ග 1000 ක මිල අඩු වෙනවා. පසුගිය වසර 03 තුල නොමිලේ අක්ෂි කාච, ස්ටෙන්ස් ලබාදීම සදහා මුදල් අමාත්‍යාංශයෙන් කිසිදු මුදලක් මම ලබාගත්තේ නැහැ. සෞඛ්‍ය සේවාව තුල තිබූ දුෂණ වංචා නැති කරමින් තමයි මම මුදල් සොයා ගත්තේ. 2019 වසරේ එම සේවාවන් ඉටු කිරිමට මුදල් අමාත්‍යාංශයෙන් රුපියල් බිලියන 10 ක මුදලක් ඉල්ලා තිබෙනවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් අදහස් දැක්විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාර්තු මස අවසන් වන විට ඖෂධ හිඟය විසදන බව රාජිත කියයි
මාර්තු මස අවසන් වන විට ඖෂධ හිඟය විසදන බව රාජිත කියයි
http://am.lk/media/k2/items/cache/c7b847654327dd1651ed67ad26b8f212_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_304.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_304.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy