ඒකාබද්ධ විපක්ෂය ලබන මස 05 වැනිදා සංවිධාන කරන ජනබලය කොළඹට විරෝධතාව පවත්වන ස්ථානය එදින ප්‍රකාශයට පත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහ...
ඒකාබද්ධ විපක්ෂය ලබන මස 05 වැනිදා සංවිධාන කරන ජනබලය කොළඹට විරෝධතාව පවත්වන ස්ථානය එදින ප්‍රකාශයට පත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහරගම ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
අපවත්වී වදාළ පොල්වත්ත ශ්‍රී සද්ධර්මාරාමාධිපති පුජ්‍ය උඩහමුල්ලේ සරණපාල නාහිමියන්ගේ දේහයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ අවසන් බුහුමන් දැක්වීය.
ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මෙලෙස මාධ්‍ය වෙත අදහස් පල කළේය.
"රැළිය ඉතාම සාර්ථක වෙයි කියලා තමයි බලාපොරොත්තුව. අවසාන දවසේ අපි කියනවා මෙන්න මේ අහවල් තැනට යන්න කියලා. යූ.එන්.පී එකේ ගාන 20,000 යිනේ. ගෝල්ෆේස් එකටත් එහෙමනේ කිව්වේ.”
එම වීඩියෝව පහතින්,
COMMENTS