තමා සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා අතර පැවති විරසකය අවසන් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. කුමාර වෙල්ගම මන...
තමා සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා අතර පැවති විරසකය අවසන් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් යම් ආරවුලක් පැවතිය ද එය මේ වන විට විසඳා ගැනීමට හැකි වු බවයි.
මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කුමාර වෙල්ගම මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“මහින්දානන්ද මගේ හොඳම මිත්‍රයෙක්. අපි සෑහෙන කාලයක් තිස්සේ එකට දේශපාලනය කරපු අය. ගෙවල්වල පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවනේ. ඒ ඇරුනම අපේ මිත්‍රත්වය නැති වෙලා නැහැ. ආවේගශීලී වුණේ නැහැ. ගෙවල් අතරේ ප්‍රශ්න වෙනවනේ පොඩි පොඩි ඒවගේ පොඩි ගැටුමක්. පොඩි ගැටුමක් ඇති වුණා ඒක එතින් ඉවරයි. අපි දෙන්නා දැන් මිත්‍රයෝ. එච්චර ලොකුවට දුන්නේ නැහැ. අයියා කෙනෙක් කොහොමද මල්ලි කෙනෙකුට කියන්නේ අන්න ඒ විදියට තමයි ඒ දුන්නේ. එහෙම එකක් දැන් නැහැ. වැඩිහිටියෙක් කියන දෙයක් වෙල්ගම අහනවා.”
එම වීඩියෝව පහතින්,
COMMENTS