අධිකරණයට අපහාස කළ බවට වරදකරු වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අභියාචනාධිකරණය අගෝස්තු මස 8 වනදා වසර 19 ...
අධිකරණයට අපහාස කළ බවට වරදකරු වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අභියාචනාධිකරණය අගෝස්තු මස 8 වනදා වසර 19 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් වසර 6 කින් ගෙවී යන ලෙස නියම කළේය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමට අදාළ නඩුව 2016 වසරේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කර අවසන් වූ අවස්ථාවේ අධිකරණ ශාලාවෙන් නැගිට කලහකාරී ආකාරයෙන් හැසිරීම නිසා අධිකරණයට අපහාස සිදු කිරීම මෙන්ම රජයේ නීතිඥවරුන්ට අපහාස සිදු කිරීම ඇතුළු චෝදනා හතරක් සඳහාය.
තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී විත්තිකාර ඥානසාර හිමි අධිකරණයේ පෙනී නොසිටි අතර උන්වහන්සේ වකුගඩුවල ගල් ඉවත් කිරීමේ සැත්කමක් සදහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබුණි.
ඒ හේතුවෙන් සිරගත කිරීමට නොහැකි වූ ඥානසාර හිමියන් සැත්කමෙන් අනතුරුව ඊයේ දිනයේ බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවනු ලැබීය.
එහිදී බන්ධනාගාර නිලධාරින් විසින් උන්වහන්සේ බන්ධනාගාර රෝහල වෙත රැගෙන යාම සඳහා ගිලන් රථය වෙත වැඩමවා ගෙන යන අවස්ථාවේදී ස්ථානයේ වැඩ සිටි භික්ෂූන් වහන්සේ පිරිත් දේශනා කරනු ලැබීය.
එහිදී ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙසේ අදහස් දැක්වීය.
“රට වෙනුවෙන් ජීවිතය පුජා කිරීම වැදගත්. හැබැයි ඒ ජීවිතය පුජා කරන්නත් රටක් තිබීම ඊට වඩා වැදගත්, නියෝග දෙන අයත් නියෝග කරන අයත් දැන ගන්න ඕනේ අපේ කැපවීම ඒ රට වෙනුවෙන් බව. ඒ හැම එකා වෙනුවෙන්ම තමයි මන් මේ කැපවීම කරලා තියෙන්නේ.”
අනතුරුව වැඩම කර සිටි භික්ෂූන් වහන්සේ මාධ්‍ය වෙත අදහස් පළ කළේය.
පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි,
“වත්මන් ජනාධිපතිතුමාට මේ රට, ජාතිය, සම්බුද්ධ ශාසනය, රණවිරුවෝ ගැන අභීතව හඬ නගපු ඥානසාර හාමුදුරුවන් වහන්සේට ඉක්මනින්ම සහනයක් ලබාදීමේ හැකියාව තිබෙනවා.”
පුජ්‍ය ඉත්තැකන්දේ සද්ධාතිස්ස හිමි,
“ගරු ජනාධිපති තුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ ජනාධිපති සමාවක් ලබාදෙන්න.”
අනතුරුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැගෙන ආවේය. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නියම වී ඇති සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා අවසර දෙන ලෙස උන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කර ඇති ඉල්ලීම අද දිනයේ දී අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.
එම වීඩියෝව පහතින්,
COMMENTS