පළාත් පාලන මැතිවරණයට තරග වදින අපේක්‍ෂකයන්ට ඡන්දය දෙන ලෙස නිවෙස් වෙත යෑම රාත්‍රි 7 න් පසුව තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍ර...
පළාත් පාලන මැතිවරණයට තරග වදින අපේක්‍ෂකයන්ට ඡන්දය දෙන ලෙස නිවෙස් වෙත යෑම රාත්‍රි 7 න් පසුව තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සියලු දේශපාලන පක්‌ෂවල ලේකම්වරුන්ට හා අපේක්‍ෂකයන් වෙත චක්‍රලේඛයක් මගින් දන්වා ඇත.
ඡන්ද අපේක්‍ෂකයා ඇතුළු 10 දෙනකුට පමණක් නිවෙස් කරා ගොස් ඡන්දය ඉල්ලා සිටීමට හැකි අතර සංගීත කණ්‌ඩායම් සහ පක්‌ෂ ධජ රැගෙන ගොස් ඡන්දය ඉල්ලීම තහනම් බව එම චක්‍රලේඛයේ දැක්‌වේ.
චක්‍රලේඛයට පිටින් නීති විරෝධී ලෙස කටයුතු කරන අපේක්‍ෂකයන්ගේ අපේක්‍ෂත්වය අහිමි වීමට ඉඩ ඇතැයිද එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS