රාජපක්ෂලා දෙන්නෙක් තමා ගාව නැති බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් අද පස්වරුවේ කොළඹ...
රාජපක්ෂලා දෙන්නෙක් තමා ගාව නැති බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් අද පස්වරුවේ කොළඹ විජයරාම පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ දී පැවැත්විණි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“මම ගියා ජිම් එකට. මොකද ආරෝග්‍යා පරමාලාභා බුදු හාමුදුරුවොත් කියලා තියෙනවා ශරීර සෞඛ්‍යත් හොදට තියා ගන්න කියලා. පස් වෙනිදට තියෙනවනේ අපිට ලොකු රාජකාරියක්. ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉන්නේ මම නෙවෙයි මහින්ද රාජපක්ෂ මහත්තයා. එතුමාව තමයි අපි ජනාධිපති අපේක්ෂකයා විදියට අපි සියලුදෙනාම ඒකමතිකව ගේන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නම් කරන්න විදියක් නැහැනේ. අපේ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්නකොට. ඕගොල්ලන්ට ගෙදර ගිහින් නිදා ගන්න පුළුවන් නායකයෙක් තමයි අපි දාන්නේ. මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන කතා කරන්න කැමැති නැහැ, මොකද අපිට ඉන්නේ එක නායකයයි. අපේ එකම නායකයා මහින්ද මහත්තයා. රාජපක්ෂලා දෙන්නෙක් මගේ ගාව නැහැ. මගේ ගාව එක්කෙනයි.”
එම වීඩියෝව පහතින්,
COMMENTS