ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශ්ව අතර මේ වනවිට මතවාදී අර්බුද රැසක් උද්ගත වී තිබේ. ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ පාර්ශ්වය වෙත ආචා...
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශ්ව අතර මේ වනවිට මතවාදී අර්බුද රැසක් උද්ගත වී තිබේ. ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ පාර්ශ්වය වෙත ආචාර්ය දයාන් ජයතිලක ඇතුළු පිරිසක් යොමු වී ඇති අතර, සරත් වීරසේකර මන්තීරවය වරයා ඇතුළු පිරිසක් ඊට මතවාදී ලෙස විරුද්ධ අදහස් දැරීමට පටන් ගෙන තිබේ. මීට පෙර ද එවැනි මත ගැටුම් තිබුණ ද, ඒවා එළියට නොපෙන්වන්නට දෙපාර්ශ්වයම කටයුතු කර තිබිණි.
එහෙත් පසුගිය සතියේ පැවැති අභ්යඒන්තර සාකච්ඡවකදී දෙපාර්ශ්වය දැඩි ලෙස අදහස් හුවමාරු කරගෙන ඇති අතර, නව ආණ්ඩුකරති ම ව්යාවස්ථාවට අදාළ අතුරු වාර්තාව පිළිබදව ද මත දෙකක් දරන බව පැහැදිලි වී තිබේ. හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මීට වගකිවයුතු බවත්, ඔහු මේ තත්ත්වය වෙනස් කිරීමට වහාම මැදිහත් විය යුතු බවත් මේ කණ්ඩායම් දෙකටම අදාළ නොවන හිටපු ජනාධිපතිවරයාට සමීප ආචාර්යවරුන් පිරිසක් පවසා තිබේ.
ඒකාබද්ධ විපක්ෂයේ අභ්යමන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා දැනුවත්ව සිටිය ද, ඔහු මෙතෙක් ඊට මැදිහත් නොවන බවයි. ඔහු මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළ නොකිරීම ද විශේෂත්වයක් බව එම ආරංචි මාර්ග පවසයි.
- සත්හඬ
COMMENTS