අමරිකාවේ හිටපු ජනපතිවරයෙකු වූ ජෝන් එෆ් කෙනඩි (John F. Kennedy) ඝාතනයට අදාළ වසර 54ක රහස්‍ය ලිපිගොනු ඉදිරි සතිය තුළ නිදහස් කරන්නට වත්මන් ජන...
අමරිකාවේ හිටපු ජනපතිවරයෙකු වූ ජෝන් එෆ් කෙනඩි (John F. Kennedy) ඝාතනයට අදාළ වසර 54ක රහස්‍ය ලිපිගොනු ඉදිරි සතිය තුළ නිදහස් කරන්නට වත්මන් ජනපති ට්‍රම්ප් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
1963දී තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාර හමුවේ ජෝන් එෆ් කෙනඩි ජීවිතක්ෂයට පත් වුණා.
මෙය ඇමරිකානු ඉතිහාසයේ ආන්දෝලනාත්මක සිදුවීමක් වනවා.
මෙම ඝාතනය පිළිබඳව පොත් දහස් ගණනක්, රූපවාහිනී නාට්‍ය සහ චිත්‍රපටි ද රාශියක් නිපදවනු ලැබුවා.
සිද්ධියට සම්බන්ධ ලිපිගොනු රාශියක් මේ වනවිට නිදහස් කළද මෙහි අවසන් ලිපිගොනු තුන්දහස මෙතෙක් නිකුත් නොකෙරුණේ ඒ සඳහා ජනාධිපතිගේ අවසරය නොලැබීම හේතුවෙන්.
කෙනඩි ඝාතන අවස්ථාව දැක්වෙන පැරණි වීඩියෝව පහතින්.
ගජමිතුරන් ගැන කියන අමෙරිකාවේ ජනපති
සමාජ ජාල නොමැති නම් තමන්ට අමෙරිකාවේ ජනාධිපතිවරයා විය නොහැකි බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
මාධ්‍ය විසින් තමන් පිළිබඳ එල්ල කරන චෝදනා ආදිය තමන්ට ඍජුවම සමාජ ජාල ඔස්සේ පිළිතුරු දීමට හැකි බවයි ට්‍රම්ප් පෙන්වා දී ඇත්තේ.
ෆේස්බුක්, ට්විටර් හා ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාල සිය ගජමිතුරන් බවට ද මාධ්‍ය සාකච්ඡාවකදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ.
ඇතැම් ආන්දෝලනාත්මක සිද්ධීන් හෝ තමන් ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ කරන ප්‍රකාශ පිළිබඳ වඩාත් සැළකිලිමත් වන ලෙසට බොහෝ පාර්ශව තමන්ට උපදෙස් දෙන බවයි ට්‍රම්ප් සඳහන් කරන්නේ.
එහෙත් සමාජ ජාල ඔස්සේ තමන් මුදාහැරි කිසිඳු අදහසක්, වචනයකින් හෝ ආපසු ගැනීමට හෝ මකාදැමීමට කිසිසේත් සූදානම් නොමැති බවද ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබෙනවා.
COMMENTS