දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
TNA අවසානය ගැන පළාත් ඇමැතිකමින් දොට්ට දැමූ ඩැනිෂ්වරන් කියයි
Homeප්‍රවෘත්ති

TNA අවසානය ගැන පළාත් ඇමැතිකමින් දොට්ට දැමූ ඩැනිෂ්වරන් කියයි

PropellerAds

දෙමළ ජාතික සන්ධානය යළිත් වරක් සී.වී.විග්නේස්වරන් මහතාට උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යධුරයට තරග කිරීම සදහා අවස්ථාවක් සලසා දීමට තීරණය කළහ...

කොළඹින් කාර් අරන් හොර ලේකන සාදා උතුරට විකිනීමේ ජාවාරමක් !
ආණ්ඩුවේ ඇතුලෙම ඉඩම් කොල්ලකන කල්ලියක් !
කාන්තාවන් ගෙදර කරන වැඩවලට වැටුපක් අවශ්‍ය බව මන්ත‍්‍රීනී හරිනි කියයි.. විමල්ගෙන් ප‍්‍රහාරයක් !
TNA අවසානය ගැන පළාත් ඇමැතිකමින් දොට්ට දැමූ ඩැනිෂ්වරන් කියයි

දෙමළ ජාතික සන්ධානය යළිත් වරක් සී.වී.විග්නේස්වරන් මහතාට උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යධුරයට තරග කිරීම සදහා අවස්ථාවක් සලසා දීමට තීරණය කළහොත්  එය උතුරු පළාත් සභාවේත් දෙමළ ජාතික සන්ධානයේත් අවසානය බව හිටපු පළාත් සභා අමාත්‍ය පී.ඩැනීස්වරන් මහතා සදහන් කරයි.

අභියාචනාධිකරණය විසින් නිර්දේශ කොට තිබියදීත් තමාට උතුරු පළාත් සභාවේ අමාත්‍යධූරය යළි ලබාදීමට ප්‍රධාන අමාත්‍යවරයා කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඩැනීස්වරන් මහතා මේ බව සදහන් කොට තිබේ.

දේශපාලන වශයෙන් තමන්ගෙන් පළිගැනීමට ඇති අවශ්‍යතාවය නිසා අධිකරණ නියෝග පවා නොතකා තමන්ව අමාත්‍යධුරයට පත් නොකරණ බව පවසන ඩැනීස්වරන් මහතා කියා සිටින්නේ උතුරු පළාත් සභාවේ නිලකාලය අවසන් වනතුරුම තමන්ට අමාත්‍යධූරය ලබා නොදීමට විග්නේස්වරන් මහතා සැලසුම් දියත් කරණ බවයි.

මේ තත්ත්වය දෙමළ ජාතික සන්ධානයේ නායකයින්ට ප්‍රකාශ කළද ඔවුන්ගෙන් පවා තමන්ට සාධාරණයක් ඉෂ්ඨ නොවූ බව ඩැනීස්වරන් මහතා නිකුත් කළ නිවේදනයේ සදහන් වෙයි.

විග්නේස්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයෙන්ම ඊළග වතාවටත් උතුරු පළාත් සභාවට තරග කොට ප්‍රධාන අමාත්‍යධුරය ලබා ගැනීමට විශාල උත්සාහයක නිරත වන බව පවසන ඩැනීස්වරන් මහතා එය එසේ වුවහොත් උතුරු පළාතේ මහජනතාවට දෙවියන්ගේ පිහිට මිස වෙනත් පිහිටක් නොලැබෙන බවද සදහන් කොට තිබේ.

දේශපාලනයේදී පමණක් නොව සෑම අවස්ථාවකදීම ප්‍රධාන අමාත්‍යවරයා ආත්මාර්ථකාමීත්වයෙන් යුතුව කටයූතු කිරීමත්  නීතියට වඩා ඔහුගේ හිතැගියාවන්ට අනුව කටයුතු කිරීමත් නිසා මුළු උතුරු පළාත් සභාවම එකම අවුල් ජාලාවක් බවට පත් වූ බව ඩැනීස්වරන් මහතා සදහන් කරයි.

ඔහු සෑම අවස්ථාවකදීම ඔහුට වඩා කෙනෙකු නොමැති බව සිතා කටයුතු කළ බවත් ආණ්ඩුකාරවරයාට පවා ඔහු අවනත නොවී ක්‍රියා කිරීම නිසා මේ වන විට විශාල අර්බුදයක් උතුරු පළාත් සභාව තුළ නිර්මාණය කොට ඇතැයිද ඩැනීස්වරන් මහතාගේ නිවේදනයේ සදහන් වෙයි.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: TNA අවසානය ගැන පළාත් ඇමැතිකමින් දොට්ට දැමූ ඩැනිෂ්වරන් කියයි
TNA අවසානය ගැන පළාත් ඇමැතිකමින් දොට්ට දැමූ ඩැනිෂ්වරන් කියයි
http://am.lk/media/k2/items/cache/d0d09cee6dfa524c291c664f5b5f7b7d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/tna_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/tna_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy