දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කාන්තාවන් ගෙදර කරන වැඩවලට වැටුපක් අවශ්‍ය බව මන්ත‍්‍රීනී හරිනි කියයි.. විමල්ගෙන් ප‍්‍රහාරයක් !
Homeප්‍රවෘත්ති

කාන්තාවන් ගෙදර කරන වැඩවලට වැටුපක් අවශ්‍ය බව මන්ත‍්‍රීනී හරිනි කියයි.. විමල්ගෙන් ප‍්‍රහාරයක් !

PropellerAds

අ පේ අම්මලාට – කාන්තාවන්ට මෙතෙක් ප්‍රශ්න නොවුණු දේවල් ප්‍රශ්න බවට පත් කිරීමට බටහිරකරණයට ලක්වුණු ස්ත්‍රීවාදී – කොළඹ කුල්ටූර් පැලැන්තියේ නෝන...

බැදුම්කර සල්ලි සැගවූ තැන් එලියට.. බැදුම්කර බෑණට කෝටි 135ක සුපිරි මන්දියක් !
පඩිය ලක්‍ෂ 79යි.. තරග දිනීම 35%යි.. හතුරුසිංහ එලවයි.. ලොව දක්‍ෂතම පුහුණුකරු 25,000කට එන්න සූදානම් !
අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ?
පේ අම්මලාට – කාන්තාවන්ට මෙතෙක් ප්‍රශ්න නොවුණු දේවල් ප්‍රශ්න බවට පත් කිරීමට බටහිරකරණයට ලක්වුණු ස්ත්‍රීවාදී – කොළඹ කුල්ටූර් පැලැන්තියේ නෝනලා උත්සාහ කරමින් සිටින බවත් පසුගිය දා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක සිදුකරන ලද ‘කාන්තාවන්ගේ ගෘහ ජීවිතයටත් වැටුපක් ගෙවිය යුතුය’ යන ප්‍රකාශයත් එවැන්නක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

කොටිකාවත්ත සණස ශාලාවේ පැවැති ‘පෑලවිය 2020’ වැඩිහිටි දින සැමරුමෙහි ආරාධිත දේශනය සිදු කරමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

’‘මෙම ‘පෑලවිය 2020’ වැඩිහිටි දින සැමරුම් උළෙලෙහි ප්‍රධාන සංවිධායක, කොලොන්නාව ආසනයේ අප පක්ෂයේ ප්‍රධාන සංවිධායක හේමසිරි අමරසිංහ මහතාට සහ ‘කොලොන්නාව සුමිතුරු පරිසර සංසදයේ’ සාමාජිකයන්ට 08 වැනි වරටත් මෙවැනි සද්කාර්යයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් මාගේ කෘතවේදීත්වය පුදකර සිටිනවා.

අපේ රටේ බෞද්ධ සංස්කෘතිය යටතේ වැඩිහිටියන්ට සැලකීම කියන එක එහි අන්තර්ගත ආවේණික කාරණයක්. වැඩිහිටියන්ට සැලකීමට අප කුඩා කල සිටම හුරුපුරුදු කර තිබෙනවා. බස් රියකට නැගුනත් වැඩිහිටියෙකුට අසුනක් පිරිනමන්නේ ඒ සැලකීම නිසයි. අපට අනන්‍ය වූ බෞද්ධ සංස්කෘතිය තුළ එවැනි උසස් ගුණාංග බොහෝයි. ඒ සංස්කෘතිය ඇසුරෙන් වැඩුණු අපේ අම්මලා තම දරුවන් විවාහ වූ පසුත් මුණුපුරු, මිනිපිරියන්ගේ අනාගතය ගැන කල්පනා කරමින් ඔවුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ අවසාන භාගයේත් කටයුතු කරනවා.

නමුත් අපේ සමාජයේ මේ උතුම් සංස්කෘතිය නොතේරෙන අයත් ඉන්නවා. පසුගිය දවසක එක්තරා පක්ෂයක ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් කියනවා, ‘කාන්තාව ගෙදර දී විශාල වැඩ කොටසක් කරනවා, ඒකට වැටුපක් ගෙවන්නෙ නැහැ’ කියලා. එතුමියට අනුව අපේ ගෙදර ඉන්න ආදරණීය අම්මාට, තාත්තා විසින් වැටුපක් ගෙවිය යුතුයි. බටහිර චින්තනයට අනුව අපේ ජීවිත කිරලා, මනින්න ගියාම, ඔළුව කුරුවල් වන ඔය විදිහෙ මත, ඔය විදිහෙ අයගෙන් පිට වෙන එක වළක්වන්න බැහැ.

ඔවැනිම කතාවක් අද ස්ත්‍රීවාදී සංවිධානවලිනුත් කියැවෙනවා. ඒ තමයි ‘කාන්තාවට දීර්ඝ වේලාවක් උයන පිහින කටයුතුවල නියැලෙන්න සිදුවෙලා තියෙනවා’ කියන එක. අපේ අම්මලා මේ උයන පිහන කටයුත්ත කරන්නේ ඉතා ආසාවෙන්, ආදරයෙන්. කෑම ටිකක් හදලා ‘ඒක රසයි’ කියලා දරුවෙකු හෝ ස්වාමිපුරුෂයා හෝ කියපුවාම ඒකෙන් ඇයට ලැබෙන තෘප්තිය ඔය බටහිරකරණයට ලක්වුණු, ස්ත්‍රීවාදීව සිතන ඔය නෝනලාට වැටහෙන්නේ නැහැ. බටහිරට සාපේක්ෂව, අපේ ආහාර සංස්කෘතියට අනුව ආහාර පිසගන්න ගත වන කාලය වැඩියි. නමුත් අපේ අම්මලාට, කාන්තාවන්ට කිසිවිටෙක එය ප්‍රශ්නයක් වුණා කියලා මම නම් හිතන්නේ නැහැ. නමුත් අපේ අම්මලාට, කාන්තාවන්ට මෙතෙක් ප්‍රශ්නයක් නොවුණු දේවල් අද ප්‍රශ්න බවට පත් කරන්න, පිටරට විවිධ සංවිධානවලින් මුදල් ලැබෙන කොළඹ කුල්ටූර් පැලැන්තියේ නෝනලා උත්සාහ කරනවා. ‘දැන් අපේ ගෘහ ජීවිතයටත් වැටුපක් ඕනේ’ කියන තැනට මේ රටේ කාන්තාවන් පත් කර ගන්න පුළුවන්ද, කියා මේ නෝනලා බලනවා. මේ විකාරරූපී අදහස් අපේ වැඩිහිටියන්ගේ ඔළුවලට පටවන්න බැරි වුණාට සමහරවිට අපේ අලුත් පරම්පරාවේ තරුණ තරුණියන්ගේ ඔළුවලට ඒවා පටවන්න හැකි වෙන්න පුළුවන්.

ඒ නිසා වැඩිහිටියන් ලෙස අපේ උපරිම වගකීම තමයි, අපි ලබපු ජීවිතය, වටිනාකම්, ගුණාංග අපේ දරු පරපුරට කියා දීම. අපේ මේ සංස්කෘතියෙන් අපි ලබපු වැදගත් දේවල් අලුත් පරම්පරාවට උරුම කර දීමට අපි වැඩිහිටියන් ලෙස කැප විය යුතුයි. චීනයේ වැඩිහිටියන් උද්‍යානවලට ගිහිල්ලා ඒවායේ සිටින දරුවන් සමඟ කතාබස් කරමින් තමන් ලැබූ ජීවිත අත්දැකීම් ඒ දරුවන්ට කියා දෙනවා. එමගින් පරම්පරා කිහිපයක් අතර පවතින පරතරය පියවා ගන්න පුළුවන් වේවි කියලා චීන සමාජය කල්පනා කරනවා. අපේ වැඩිහිටියන් තමන්ගේ ජීවිතයේ අවසන් මොහොත දක්වා සමාජයට තමන්ගෙන් සිදු විය යුතු යුතුකම අත් හරින වැඩිහිටියන් නොවෙයි.”

මෙම අවස්ථාවට කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ, ජානිපෙ කොලොන්නාව ආසනයේ උප සංවිධායක කමල් ජයසේකර, කොලොන්නාව ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානවල නියෝජිතයෝ ඇතුළු ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ දහසකට ආසන්න පිරිසක් එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්, 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කාන්තාවන් ගෙදර කරන වැඩවලට වැටුපක් අවශ්‍ය බව මන්ත‍්‍රීනී හරිනි කියයි.. විමල්ගෙන් ප‍්‍රහාරයක් !
කාන්තාවන් ගෙදර කරන වැඩවලට වැටුපක් අවශ්‍ය බව මන්ත‍්‍රීනී හරිනි කියයි.. විමල්ගෙන් ප‍්‍රහාරයක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaUH0_Q2I_YwKV7gdtOe073VRgPTrOcgVoDY641_dPee4dI_0O3GAIkU74leYcWl2NvIXPbHsbT_BrrEyPTXDIqn5d_W_kdObXNu2r6nh8-57dv0iQoB8UB_vM9T6D-0YIXPl1zgbskpY/s320/4578.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaUH0_Q2I_YwKV7gdtOe073VRgPTrOcgVoDY641_dPee4dI_0O3GAIkU74leYcWl2NvIXPbHsbT_BrrEyPTXDIqn5d_W_kdObXNu2r6nh8-57dv0iQoB8UB_vM9T6D-0YIXPl1zgbskpY/s72-c/4578.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_86.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_86.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy