එ.ජ.නි.සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රි ආරියවංශ සම්මු මහතා විසින් යහපාලන රජයේ වසර තුනක පාලනයට එරෙහිව සංදර්ශන රථයක් පෙරටුකර ගනිමින් කවි ක...
එ.ජ.නි.සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රි ආරියවංශ සම්මු මහතා විසින් යහපාලන රජයේ වසර තුනක පාලනයට එරෙහිව සංදර්ශන රථයක් පෙරටුකර ගනිමින් කවි කියමින් අද (28) පැවති දකුණු පළාත් සභා රැස්විමට සහභාගි විමට පැමිණියේය.
මන්ත්‍රිවරයාගේ පිටු පසින් පැමිණි සංදර්ශන රථයේ භික්ෂුන් වහන්සේ නමක් හා රණවිරුවකු සිරගත කොට තැබිම, කොටි ත්‍රස්තවාදියකු නිදැල්ලේ සිටිම හා මහ බැංකු කොල්ලයේ මහ මොලකරු නිදැල්ලේ සිටින අයුරු නිරුපනය කරණ චරිත දැකගත හැකිවිය.
අපේ හාමුදුරුවෝ සිරගෙට, මහ බැංකු හොරුන් එළියට, මොලයක් නැතිවුන්හට හෙන වැදියන් ඔලුවට, ආදි කවි කියමින් මන්ත්‍රිවරයා ඇතුළු පිරිස පාගමනින් ගාල්ල කළේගානේ පිහිටි දකුණු පළාත් සභාව ඉදිරිපිටට පැමිණියේය.
දකුණු පළාත් සභාවේ මන්ත්‍රි බද්දේගම සමිත හිමියන්, දකුණු පළාත් සභා මන්ත්‍රිවරුන්වන පත්මසිරිද සිල්වා, චන්න සාලිය මෙන්ඩිස් යන මන්ත්‍රිවරු විසින් ආරියවංශ මන්ත්‍රිවරයා සභාව ඉදිරිපිටදි උණුසුම් ලෙස පිළිගනු ලැබිය. පසුව පළාත් සභාව ඉදිරිපිටදි මන්ත්‍රිවරයා ඇතුළු පිරිස යහපාලන රජයට එරෙහිව විරෝධතාවයේ නිරත වුහ.
(ලලිත් චාමින්ද)
COMMENTS