හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධ නඩුවේ තීන්දුව මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කෙරුණි. එම නඩුවේ සැක...
හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධ නඩුවේ තීන්දුව මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කෙරුණි.
එම නඩුවේ සැකකරුවන් වූ හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනකුට මරණ දඬුවම නියම කිරීමට යි කොළඹ අලුත්කඩේ මහාධිකරණය තීන්දු කළේ.
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ බෙදුණු තීන්දුවක් ලෙස යි.
ඒ අනුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සියලු සැකකරුවන් නිදොස් කොට නිදහස් කළ නමුත් ඉන් පසු පද්මිණී එන් රණවක සහ එම් බී එස් මොරායස් යන විනිසුරුවරුන් දෙදෙනා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසූවේ භාරත ලක්ෂ්මන් මහතා ඇතුළු තිදෙනකු ඝාතනය කිරීම සහ අයුතු ජනරාෂිය ඇතුළු චෝදනා කිහිපයකට දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙක් වරදකරුවන් බවට යි.
එම පස් දෙනාට මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කළේ ඒ අනුව යි.
COMMENTS