ගුවන් නියමුවන් බීමත්ව සිටීද යන්න සොයා බැලීමේදී ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් බලධාරීන් කටයුතු කරන නිසා එයට විරෝධය පා හෙට (09) මධ්‍යම රාත්...
ගුවන් නියමුවන් බීමත්ව සිටීද යන්න සොයා බැලීමේදී ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් බලධාරීන් කටයුතු කරන නිසා එයට විරෝධය පා හෙට (09) මධ්‍යම රාත්‍රී 12.00 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය කියාසිටී.
අවිධිමත් ආකාරයට සිදුකරන පරීක්ෂා කිරීම විධිමත් ලෙස සිදුකරන ලෙස ඉල්ලා සිටි ගුවන් නියමුවකුගේ වැඩ තහනම් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙන බවද එම සංගමයේ නියෝජිතයෙක් සඳහන් කළේය.
අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම ක්‍රමවේදය සිදුකරන බව පවසමින් ගුවන් සමාගමේ බලධාරීන් වෛද්‍ය අංශය යොදා ගෙන මෙම පරීක්ෂා කිරීම සිදුකරන බවත් මෙම පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය දිනෙන් දිනම වෙනස් වෙමින් පවතින බවත් එම සංගමය ප්‍රකාශ කරයි.
මේ නිසා ගුවන් නියමුවන් දැඩි අපහසුතාවන්ට පත්වී තිබෙන බවත් ගුවන් නියමුවන්ට සිදුවන අපහසුතාවන් වළක්වා ගැනීමට ජාත්‍යන්තර ක්‍රමවේදය භාවිතා කරන ලෙසට තම සංගමය බලධාරීන්ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටි බවත් එම නියෝජිතයා සඳහන් කළේය.
එහෙත් එම ඉල්ලීම්වලට බලධාරීන් නිසි ප්‍රතිචාර ලබා නොදෙන නිසා හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ඔහු වැඩිදුරටත් කියාසිටියේය.
මේ අනුව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේදී පැවරී තිබෙන රාජකාරීවලින් පරිබාහිරව පවරන රාජකාරි කිසිවක් සිදුනොකරන බව එම සංසදය ප්‍රකාශ කරයි.
COMMENTS