ඊයේ (07) යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේ පිහිටි කැලෑවක තිබී නරක් වෙමින් තිබූ මළ සිරුරක් සොයාගත් බව තෙලිප්පලෙයි පොලීසිය ප්‍රකාශ කරයි. තෙලිප්පල...
ඊයේ (07) යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේ පිහිටි කැලෑවක තිබී නරක් වෙමින් තිබූ මළ සිරුරක් සොයාගත් බව තෙලිප්පලෙයි පොලීසිය ප්‍රකාශ කරයි.
තෙලිප්පලෙයි ප්‍රදේශයේ පිහිටි සංසෙඩ්ඩි සන්ධියේ කැලෑවක නාඳුනන ඉතා නරක් වූ මළ සිරුරක් ඇති බවට තෙලිප්පලෙයි පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් විසින් අදාල ප්‍රදේශය සෝදිසි කිරීමේදී මෙම මළ සිරුර සොයාගෙන ඇත.
මෙසේ මියගොස් ඇත්තේ ඉලවාලෙයිහි පදිංචි 84 හැවිරිදි කනකසභෙයි පොන්නම්බලම් නම් පුද්ගලයෙක් බව පොලීසිය විසින් සිදු කරන ලද පරික්ෂණ වලින් හෙළි වී තිබේ.
මොහු මිය යාමට හේතුව පිළිබඳව තෙලිප්පලෙයි පොලීසිය මේ වන විට පරික්ෂණයක් ආරම්භ කර ඇත.
ඡායාරූප පහතින්.
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS