හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අද(17) පෙරවරුවේ පැමිණ තිබේ. ඒ මාධ්‍යවේද...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අද(17) පෙරවරුවේ පැමිණ තිබේ.
ඒ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහායි.
ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 06 දෙනකු පමණ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණියේය.
ඒ වන විටත් සිය පෞද්ගලික රාජකාරියක් සඳහා නිවසින් බැහැරව සිටි හිටපු ජනපතිවරයා පෙරවරු 11.30 ට නිල නිවසට පැමිණියේය.
කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිට මේ වන විට ආධාරකරුවෝ රැස්ව සිටිති.
COMMENTS