සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය සහිත ලෝකයේ ඕනෑම ආයතනයකට යවා පිළිගත් උපාධියක් ලබාදියයුතු යැයි රජය...
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය සහිත ලෝකයේ ඕනෑම ආයතනයකට යවා පිළිගත් උපාධියක් ලබාදියයුතු යැයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
එම සංගමය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
ඔවුන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ එලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය සහිත ඕනෑම ආයතනයකින් පිළිගත් උපාධියක් ලබාගැනීමට අවශ්‍යය සියලු වියදම් සයිටම් ආයතනය දැරියයුතු බවත් සිසුන්ගෙන් අය කළ මුදල් පොලිය ද සමඟ ආපසු ඔවුන්ට ගෙවියයුතු බවත්ය.
මේ අතර ඉන්දියානු ආධාර මත ක්‍රියාත්මක වන ගිලන් රථ සේවාවවට අනුයුක්ත සෞඛ්‍ය සේවා කණ්ඩායම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලැබූ පිරිසක් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවට ද රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
වීඩියෝව පහතින්.
COMMENTS