අධි තාක්ෂණයේ වේගයෙන් ඉදිරියට ගිහින් සිටින ලෝකය මව්වරුන්ගේ පාලනයට යටත් වෙනවනම් ලෝකයේ මානව ප්‍රජාවගේ ඉතා විශිෂ්ඨ අවස්ථාවක් යැයි තමා විශ්වාස ...
අධි තාක්ෂණයේ වේගයෙන් ඉදිරියට ගිහින් සිටින ලෝකය මව්වරුන්ගේ පාලනයට යටත් වෙනවනම් ලෝකයේ මානව ප්‍රජාවගේ ඉතා විශිෂ්ඨ අවස්ථාවක් යැයි තමා විශ්වාස කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මිලාගිරිය ශාන්ත පාවුථ බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (28) පැවැත්විණි.
"මේ කාලය මුලු ලෝකයේම කාන්තාවන් අභිමානයෙන් ඉන්න කාලයක්. ලෝකයේ තාක්ෂණයෙන්, ආර්ථිකයෙන්, ධනයෙන් ඉහලම සහ ප්‍රධාන වශයෙන් යුරෝපය මෙහෙවයවන රටක් වන ජර්මනියට නායකත්වය ලබා දෙන්නේ ඇන්ජෙලා මර්කල්. පසුගිය දිනවල පැවති ජනමත විචාරයත් එක්ක බ්‍රිතාන්‍යයේ වෙනස් වූ අගමැති ධූරයට පත් වුනේ තෙරේසා මේ. ඒ වගේම මේ දවස්වල ලෝකයේම අවධානය දිනාගෙන සිටින අමෙරිකාවේ ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන අපේක්ෂිකාවක් හිලරි ක්ලින්ටන්. හිලරි ජයග්‍රහනය කලහොත් ඇයට හිමිවෙනවා ලෝකයේම බලවත්ම රාජ්‍යය පාලනය කිරීමේ අවස්ථාව. කාන්තාවන් ලෝකය පාලනය කිරීමේ පිළිබඳව මම පියෙක් විදිහට සතුටු වෙනවා. කාන්තාවෝ කියන්නේ මව්වරු. අධි තාක්ෂණයේ වේගයෙන් ඉදිරියට ගිහින් සිටින ලෝකය මව්වරුන්ගේ පාලනයට යටත් වෙනවනම් මම විශ්වාස කරනවා ලෝකයේ මානව ප්‍රජාවගේ ඉතාම විශිෂ්ඨ අවස්ථාවක් කියලා. අපිට බලාපොරොත්තු තබන්න පුලුවන් අවස්ථාවක් වේවි.“
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍ය රවී කරුණානායක, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය යන මහත්වරුන් සහ විදුහල්පතිනි ජේ. සුමේධා ජයවීර මහත්මිය ඇතුථ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS