මෙවර උසස් පෙළ විභාගය සඳහා අතිරේක විභාග ශාලාධිපතිවරුන් ලෙස යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් යොදා ගැනීමට ගෙන තීබු තීරණය විභාග දෙපාර්තමේන්තුව...
මෙවර උසස් පෙළ විභාගය සඳහා අතිරේක විභාග ශාලාධිපතිවරුන් ලෙස යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් යොදා ගැනීමට ගෙන තීබු තීරණය විභාග දෙපාර්තමේන්තුව අත්හිටුවා තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සහ අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව අතර ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹි බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
මෙවර උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2268කදී ලබන 6 වනදා සිට සැප්තැම්බර් මස 1 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා අපේක්ෂකයින් තුන්ලක්ෂ විසි එක්දහස් හාරසිය හැටනමදෙනෙකු පෙනී සිටින බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
COMMENTS