ජිනීවාහි පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි මහ සමුළුවට සෞඛ්‍ය ප්‍රධානීන් 20 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් යැවීමට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්...
ජිනීවාහි පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි මහ සමුළුවට සෞඛ්‍ය ප්‍රධානීන් 20 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් යැවීමට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කළ නිර්දේශය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
රාජිත සේනාරත්න ඇමැතිවරයා යවා තිබූ විසිදෙනාගේ ලැයිස්තුව ජනාධිපතිවරයා විසින් 14 කට අඩුකර යවා තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ ලැයිස්තුවෙන් නම් හයක්ම ඉවත් කර ඇත්තේ තමා සෞඛ්‍ය ඇමැති ධුරය දැරූ කාලයේදීවත් මෙතරම් විශාල පිරිසක් ජිනීවා සමුළුවට එකවර ගෙන ගොස් නැතැයි පවසමින් බව වාර්තා වේ.
ජිනීවා යෑම සඳහා ඇමැතිවරයා නම් කළ විසි දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් වී සිටියේ සෞඛ්‍ය පරිපාලනයට සම්බන්ධ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් පිරිසකි.
මේ සිද්ධිය සත්‍යයක් බව ප්‍රකාශ කරමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා සඳහන් කළේ විස්සේ ලැයිස්තුව ජනාධිපතිවරයා විසින් දාහතරට අඩු කර එවා ඇති බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජිනීවා සමුළුව අදින් (21) ඇරැඹෙන අතර එය ලබන 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
මේ සමුළුවට සහභාගිවීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ද පෙරේදා (19) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගියේය.
COMMENTS