ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ආණ්ඩුවේ ඉදිරි වසර එකහමාර තුළ එක්ව ගමනක් නොගියහොත් ඔවුන් දෙදෙනාට මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම මැතිඇමතිවර...
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ආණ්ඩුවේ ඉදිරි වසර එකහමාර තුළ එක්ව ගමනක් නොගියහොත් ඔවුන් දෙදෙනාට මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම මැතිඇමතිවරුන්ට ගැටළු රැසකට මුහුණ දීමට සිදුවන බව කඳුරට, නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ හැටන් ප්‍රදේශයේ ඊයේ (20) පැවති උත්සවයකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු තුනක් වෙනකොට ජනතාවගේ වැඩි ප්‍රශ්නයක් තියෙන්නේ මේ ආණ්ඩුව වැඩක් නැහැ, ආණ්ඩුව මුකුත් කෙරුවේ නැහැ කියලා. මේක ජාතික ආණ්ඩුවක්. ජාතික ආණ්ඩුවේ හිටපු 16 දෙනෙක් එළියට ගිහිල්ලා තියෙනවා. ඒ 16 දෙනා මේක කඩාකප්පල් කළා. ඊට පස්සේ ජනාධිපතිතුමාගේ ඔලුව නරක් කළා. අවුරුදු එක හමාරක් තියෙනවා ජනාධිපතිගෙන්, අගමැතිගෙන් ඉල්ලන්නේ දෙන්නම එක අදහසින් ගියොත් 2020 වෙනකොට ජනතාවට ප්‍රතිපල පෙන්නන්න පුළුවන්. එහෙම නැත්තම් අගමැතිතුමාටත් කෙල වෙනවා. ජනාධිපතිටත් කෙල වෙනවා. අපිටත් කෙල වෙනවා. ජනතාවටත් කෙල වෙනවා. දැන් හරි හිතලා බලන්න දෙන්නම එකතු වෙලා ජනතාවට සංවර්ධනය කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.”
COMMENTS