උතුරු පලාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් මහතා ඊයේ (10) සවස මුලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ පලාත්...
උතුරු පලාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් මහතා ඊයේ (10) සවස මුලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ පලාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ දේපලවලට හානි කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අනුවය.
පසුගිය 02 වනදා මුලතිව් ධීවර පරික්ෂක කාර්යාලය ඉදිරිපිටදී මුලතිව් ධීවරයින් පිරිසක් සමග ධීවර පරික්සක කාර්යාලයට කඩා වැදී එම කාර්යාලයේ තිබූ දේපලවලට දැඩි ලෙස හානි කිරීම සම්බන්ධයෙන් මුලතිව් ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් පිරිසක් විසින් මුලතිව් පොලීසියට සිදු කරන ලද පැමිණීල්ලකට අනුව මුලතිව් පොලීසිය විසින් පරික්ෂණ සිදු කිරීමෙන් පසුව මන්ත්‍රීවරයා ඊයේ (10) සවස අත්අඩංගුවට ගනු ලැබීය.
පසුගිය 02 වනදා මුලතිව් ධීවර පරික්සඛ කාර්යාලයට ධමුලතිව් ධීවරයින් සමග ටී.රවිහරන් මන්ත්‍රීවරයා කඩාවැදී රජයේ දේපල වලට හානි කරමින් විරෝධතාවයේ නිරත වූවේ මුලතිව් මුහුදේ සිදු කෙරෙන අනවසර දැල් ආම්පන්න යොදා සිදු කෙරෙන ධීවර කටයුතු වහාම නවතන ලෙසට ඉල්ලමිනි.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් පලාත් සභා මන්ත්‍රීවරයාගෙන් මුලතිව් පොලීසිය විසින් රජයේ දේපල වලට හානි කිරීම සමබ්නධයෙන් වැඩි දුර ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබයි.
COMMENTS